(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.
මෙරට නිල සංචිත දෙසැම්බර මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත සියයට 1 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිත වලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙරට සංචිත අඛන්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කීමේ හැකියාවයි, තණකොළ බුදින 68 ලක්ශෙකුයි හිටපු හින්දා ගත්තාට, ගත්තු දවසේ ඉඳලා ඉවරයි...
මේක නම් හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. වාහන ගෙන්වන්න පටන් ගත් ගමන් තවත් පහළ යයි.
දැන් සැපයි ද..? තව ඉස්සරහට තමයි හොඳම සැප ලැබෙන්නේ. කලබල වෙන්න එපා.
කෝ මේ ලොන්ඩරි කාරයෝ ටික..? බද්‍රානි, සෙනෙවිරත්න රටවල්වලට එන්න... එන්න ඉක්මණට, ලොකු කුණු ගොඩක් තියෙනවා.
සීයා හදලා දුන්නු රටේ දැන් තියෙන්නේ පෙන්නලා දුන්නු මාර්ගයේ යන්න, වයසක ඥාණවන්ත මුදලාලි මහත්තයා බිස්නස් එක හදල දීලා පුතෙක්ට පැවරුවාම පුතා කියනවා ඒකා තනියම හරිම අමාරුවෙන් බින්දුවෙන් පටන්ගත් බිස්නස් එක කියලා. ඒ වගේ දැන් ආණ්ඩුවට අවශ්‍ය පදනම සීයා හදලා දුන්නා. ඉතින් පච විඳින්නේ නැතිව මිනිස්සුන්ට ඇත්ත තත්වය කියලා රට ඉදිරියට ගෙනියන්න ඕනෑ, එතකන් බූරු පුත්තු කරන්නේ හදලා තිබ්බ ටිකත් කාලා දාන එක...
නන්දසේනගේ කාලේ වගේ නම් වෙන්නේ නැහැ.
කෝ මේ මාලිමා ලොන්ඩරි ටික? ඉක්මණට වරෙල්ලා.. අසූචි ගොඩක් තියෙනවා හෝදන්න.
මේක රනිල්ගෙ බොරුවක්, නොවැම්බර් දෙසැම්බර් කලින්ට වඩා වැඩි බවයි කියැවුනේ. ජනවාරි කෙසේ වෙතත්. රනිල් සජිත් හිටියා නම් ඩොලර් මවනවාද? ආනයන ඉහළ ගිහින් ඒකයි, විදේශ ප්‍රේශණ සංචාරකයින් වැඩි බව කියැවුණා. ඉතින් අඩුවෙන්නෙ ණය පොලියක් ගාවනවා ඇති... මහ බැංකුව මෙහෙම කතාවක් කිව්වේ නැහැ.
සෙනෙවිරත්න ටිකක් හේදුවා... තව ඉතුරු වෙලා... අනික් අයත් එන්ඩෝ....
නිෂ්පාදනය වැඩි කිරීමෙන් ඩොලර් සංචිත හදාගන්න පුළුවන්. තවත් විදේශවල සඟවා ඇති අපේ සංචිත පවරා ගන්නවා නම්, එහෙමත් නැතිනම් මහින්ද මහත්තයා එක්ක සුහදව කතාබහ කරලා සංචිත ටිකක් අරන් ගොඩ යමු.