(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අනුව නිරෝධායන නීතිය අවසන් වන්නේ ලබන 21 වැනිදා අඟහරුවාදා අලුයම හතරටය. රටපුරා කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්වූ වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙයට පෙර ගත් තීරණය අනුව නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 13 වැනිදා සඳුදාය.
කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිවරයා විසින් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
නිරෝධායන ඇඳිරි නීතිය අද මෙසේ දීර්ඝ කෙරුණේ දෙවැනි වතාවටය. රටපුරා ඇඳිරි නීතිය පණවා අද (11) වනවිට දින විසි තුනක් ගත වී ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාලය ලබන 21 වැනිදා වනවිට දින තිස්තුනක්( මාසයකට වැඩි කාලයක් ) දක්වා ඉහළ යනු ඇත.
කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා තමයි සියලු තීරණ ගන්නේ නේද...?
මේක ඇඳිරි නීතියක්ද? අරියාදු නීතියක්ද? හැමතැනම මිනිස්සු. එක් කොටසකට පමණක් ව්‍යාපාර කරන්න අවසර. තව කොටසකට බෑ. ඇඳිරී නීතිය කියන වචනෙත් බාල්දුයි...
එකපාරටම මාසයකට දාන්න බැරිද?
මෝඩ, දුර්වල තීරණයක්. 70% ක් එන්නත් කරලාලු. ඒත් රට තරමක් වත් අරින්න බයයිලු. ඒ කියන්නේ එන්නතත් ෆේල්, සර්ත් ෆේල් කියලද?
මෝඩයින් රැල මුළු රටම විහිලුවට අරගෙන . අහිංසක එදා වේල හොයාගෙන කන එකා හාන්සියි . කඩවල් ඔක්කොම පස්සෙන් හරි ඉස්සරහින් හරි ඇරලා . අනේ මෙහෙම රටක්. අනේ මෙහෙම පාලකයෙක්.
හරිම ෂෝක්
ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරලා උදේ සවස මිනිස්සුන්ට හිරිහැර කරන එක නවත්වන්න..! ගෙවල්වලට කොටුවෙලා ඉන්න වෙලාවේ මිනිස්සුන්ට ඕනෑ මානසික සුවතාවයයි. හැමකෙනාම ආගම සිහිකරන මානසිකත්වයේ නොඉන්න පුළුවන්... ආගමික දේවල් බලෙන් අස්සවන්න යන නිසා නීතිමය ගැටලු බොහොමයක් මේ වන විට රටේ බොහෝ ප්‍රදේශවල ඇතිවෙලා. එවැනි අනවශ්‍ය ප්‍රශ්න නිසා හෑල්ලුවට පත්වන්නේ ඒ ඒ ආගම් වල සැබෑ හරය සොයා යන මිනිසුනුයි...
ලකුණු ටිකක් වැටෙන්නේ එතකොටනේ...
දොස්තර ශවේන්ද්‍ර ඔබ අමතයි...!
දවසෙ කුලියට වැඩ කරන අපි කපෝතියි. 2000 ක් දීලා මාසයක්... කන්නද කියන්නේ? දොස්තරවරු කියනවා අයාලා පුද්ගලයින් චැනල් කරලා ගාන හොයා ගන්නවා. අපිට බඩගින්නේම මැරෙන්නයි වෙන්නේ..
ඇරියොත් වහන්න කියනවා.. වැහුවොත් අරින්න කියනවා... හරිම සිම්පල්...
කාටවත් ඇඟිලි දික් කර කර ඉන්නෙ නැතුව, කවුරු කවුරුත් තම තමන් පරිස්සන් උනාත් කවුරුත් ගොඩ නේද?
මොනවද මේ වෙන්නේ දුප්පත් අහංසක ජනතාව කොහොමද ඔලුව උස්සන්නේ මේවිදියට දිගටම රට වැහුවම
21 වැනිදාට දවස් 02කට කළින්... තවත් සතියක් දික්කරනවා කියයි. මේක විහිළුවක් දැන්..
21 වැනිදා විවෘත කරනවා... මට බලන් ඉන්න බෑ.. මා ගාව සල්ලි නෑ..