IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතීපති පොලිස්පතිට දන්වයි

(නිමන්ති රණසිංහ)

නුවරඑළියේ පොලිස් බංගලාවකදී ඌරු මස් වෑංජනයක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට වසර 2කට පමණ පෙර මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ජේෂ්ඨ පොලිස් අධිකාරියේ ධුරයේ කටයුතු කරමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් පවසයි.

සිය පවුලේ සාමාජිකයින් සමග නුවරඑළියෙ පොලිස් බංගලාවක නිවාඩුවක් ගතකරමින් සිට ඇති මෙම ජේෂ්ඨ නිලධාරියාට වල් ඌරු මස් අනුභව කිරීමේ ආශාවක් ඇතිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් බංගලාව භාරව සිටි පොලිස් කොස්තාපල් වරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා උසස් නිලධාරියා ගෙන් මුදල් ලබාගෙන "වල් ඌරු මස්" මිලදී ගෙන පැමිණ ව්‍යාංජනයක් සකසා දී ඇති බවත් සඳහන් වේ.

ආහාර අනුභවයට සූදානම් වූ අවස්ථාවේදී මස් ව්‍යාංජනයේ මස් අඩු බවට තර්ක කරමින් සිට ඇති උසස් නිලධාරියා ඒවා කොස්තාපල්වරයා කෑමට ගෙන ඇතැයි සිතා ඔහුට පහරදී ඇතැයි පැවසෙයි.

උසස් නිලධාරියා ගෙන් පහරකෑමටගෙන් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නුවරඑළිය පොලිසියට ගොස් පැමිණිල්ලක් ද සිදුකර තිබිණි.



අදහස් (15)

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතීපති පොලිස්පතිට දන්වයි

Nihal Tuesday, 14 September 2021 05:30 PM

යහපාලනය කාලේ පුවත්පත් වාර්තා කරුවෙකුට දකුණේ ඒ.එස්.පී. කෙනෙක් කණ පැලෙන්න ගහපු එකට නඩු නැද්ද? ඇත්තටම ඒ සිද්ධිය යටගහපු හැටි සෙවිය යුතුයි.

:       4       28

ranjith Tuesday, 14 September 2021 05:37 PM

නිලධාරියෙක් කියලාවත් කියන්න ලැජ්ජයි.., මේ වගේ කුණු වැඩ කරන අයට...

:       0       40

kamalWednesday, 15 September 2021 04:45 AM

නියෝජ්‍ය පොලිස්පතිවරු කිව්වට ගන්න දෙයක් නැහැනේ. මස් වලට මෙහෙම මිනිස්සුන්ට ගහනවා නම්. තාම අපේ රටේ සමහර නිලධාරින් හිතන් ඉන්නේ අපි ඉන්නේ රාජාන්කාඩු කාලේ කියලා. අනික මේ වගේ කෙලින්ම ඇත්ත නැත්ත පේන සිද්ධියක් මෙපමන කලක් ගතවුනේ ඇයි? ඒක ඔක්කෝටම කලින් සොයා බලන්න වෙනවා.

:       0       9

කමල් Tuesday, 14 September 2021 06:11 PM

කාමයේ ආදීනව.

:       0       24

Irusha Tuesday, 14 September 2021 11:20 PM

පව් කොස්තාපල් වරයා.

:       0       14

beau Tuesday, 14 September 2021 11:30 PM

පුදුමයි මෙහෙම මිනිස්සු ගැන.

:       0       18

sam Wednesday, 15 September 2021 05:16 AM

පොලිසියේ කොයි කෙනත් එකයි.

:       0       6

rocky Wednesday, 15 September 2021 06:41 AM

මොහු කොච්චර අල්ලස් ගන්න ඇද්ද කියල හිතෙනවා

:       0       9

Oscar perera Wednesday, 15 September 2021 06:42 AM

මේ වගේ අයට බරපතල වැඩ ඇතිව දඬුවම් දෙන්න ඕන. ලංකාවේ විනය හදන්න පෙර පොලිසියේ විනය 100% හඬන්න ඕනා

:       0       9

KusumpalaWednesday, 15 September 2021 10:01 AM

අනිවාර්යයෙන්ම අපේ පොලිසිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නමුත් එය කිරීමට යන්නේ කවුද? එහි සිටින්නේ යහපත් මිනිසුන් 5% ක් පමණි. අනෙක් ඒවා දූෂකයෝ ය. ඔවුන් සිතන්නේ ඔවුන් නීතියට ඉහළින් සිටින බවයි. ඔවුන් පාරේ යන ආකාරය හොඳින් දන්නා කරුණකි. හරිම දුකයි.

:       0       1

CHINTHANA Wednesday, 15 September 2021 09:02 AM

ලංකාවේ නීතිය වල් ඌරු මස් විකුනන්න බෑ .වල් ඌරෙක් මැරුවොත් මරපු අයට තමන්ගේ පවුලේ අය එක්ක කන්න පුළුවන් .සල්ලිවලට මස් වික්ක අය හා මිලදී ගත් අයත් වැරදි .පොලිසිය නීතිය කඩන ගමන් අනුන්ට නීති පිළිපදින්න කියනවා . පොලිස් ලොක්කා හිරේ යවලා පාතාලකාරයෝ ඉන්න කූඩුවකට දාන්න ඕනේ

:       0       0

Senarath Wednesday, 15 September 2021 09:52 AM

බිත්තරේ කහ මදේ හරි මැදට තිබුනේ නැහැ කියලා කොකියට ගහපු හමුදා ලොක්කෙකුත් හිටියනේ

:       1       1

සාධාරණ රටක් ! Wednesday, 15 September 2021 10:15 AM

ඒ නිරපරාදේ පහර කෑ නිලධාරියා ඉහලට පැමිණිලි කරපු නිසා ඔහොම සිද්ධිය අනාවරණය උනා. ඒත් ඔහොම අනාවරණය වෙන සිද්ධීන් හුඟක් තව ඇති.

:       0       1

sheriff Wednesday, 15 September 2021 10:49 AM

කොස්තාපල් වරයාගේ රාජකාරිය විය යුත්තේ මහජනයාට සේවය කිරීමයි

:       0       0

SUBASH Wednesday, 15 September 2021 11:07 AM

කොහොමද මෙහෙම වැරදි කරපු නඩු තියෙද්දිත් උසස්වීම් ලැබුවේ .ඒ කියන්නේ නඩුවට සාධාරණයක් වෙන්න තියන ප්‍රවනතාවය ඉතා අඩුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30456 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12470 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 785 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site