(අංජුල මහික වීරරත්න)
2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙි.
චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2021 වසරේ දී නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් මෙරටට ආනයනය කෙරිණි.
නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාල කමිටුව පත්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
ආයේ මොකටද කමිටුවක්..? බෙල්ලෙන් අල්ලගන්න... අර අලුත් ගමයාව...!