IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාය අවදානමෙන් හපුතලේ පවුල් 22ක් ඉවතට

(සමන් පාලිත නානායක්කාර) 

පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ  ග්ලැනෝර් වත්තේ  පවුල් තිස් දෙකක් අද( 20 ) ආරක්ෂිතව ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය කීවාය. 

 ග්ලැනෝර් වත්තේ  අංක 10 නිවාස පේලියේ සහ අවට තවත් නිවාසවල පදිංචිව සිටි පවුල් 32ක සාමාජිකයින් අසූ නම දෙනෙකු මෙලෙස ඉවත් කර තිබේ. 

 මෙසේ ඉවත් කළ පවුල් 32ක පුද්ගලයින් ග්ලැනෝර්  මහා විදුහලේ තාවකාලික කඳවුරක රඳවා ඇති බවද ප්‍රාදේශීය ලේකම් තුමිය කීවාය.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ප්‍රදේශයේ සිදුකළ භූමි  පරීක්ෂණයකදී ජල පහරවල් මතුවීම හා  භූමිය ගිලාබැසීම් නිරීක්ෂණය කිරීමත් සමඟ නායයාමේ  පූර්ව ලක්ෂණ ඇති වී ඇති බැවින් කඩිනමින් මෙම පවුල් ඉවත් කිරීමට  අද දින නිර්දේශ  ලබාදී තිබේ.

 මේ අතර හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙරගල බ්ලැක්වුඩ්  විද්‍යාලයට ඉහළ කන්දේ බුරුල්ව ගල් පර්වත කීපයක්   විදුහල් ගොඩනැගිලි වලට  පෙරළීමේ    අවදානමක් මතුවී ඇති බැවින් එම පාසලේ දූ දරුවන් හෙට 21 හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලේ වෙන් කරගත් වෙනම ශාලාවක ඉගැන්වීම්  කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය කීවාය.

 



අදහස් (0)

නාය අවදානමෙන් හපුතලේ පවුල් 22ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site