IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා

(අංජුල මහික වීරරත්න)

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ අද (23) පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටකේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයකි.

මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය හා විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි



අදහස් (9)

නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා

Saman Thursday, 23 May 2024 03:53 PM

කොහොමත් ඔයා හෙණ ගහන වෙලාවට එලියට බහින්න එපා.

:       9       17

පිටිගල මිලානෝ Thursday, 23 May 2024 05:11 PM

බුදුහිමියන්ගේ උසම පිළිම හදනා බෞද්ධ විහාරස්ථාන තුළ දිනෙන් දින මිටි වෙමින් තිබෙනුයේ බුදුහිමියන් දෙසූ දහමයි.

:       0       5

saman Thursday, 23 May 2024 06:10 PM

විසඳුම් තියනවා නම් ඇයි තාම මේ රටේ මෙච්චර දරුණු මිනිස්සු ඉන්නේ..?

:       0       4

මොට්ටපාල Saturday, 25 May 2024 06:08 AM

ඉරාන තානාපතිට කොළඹ හතේ මුදලාලි කෙනෙක් පහරදීමක් කරලා තිබුණා. ඉතින් උසාවියට ඉදිරිපත් කළාම ඔහුගේ නීතිවේදියා කියලා තියෙන්නේ තානාපති බව නොදැන පහරදීම කළා කියලා තමයි ඉතින් ඕවා දකින /අහන මිනිස්සු දරුණුම වෙනවා කියලා හිතන්නේ නැද්ද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 23 May 2024 09:33 PM

බැංකු හොරාගෙන් බණ අහන්න ⁣(නො)වැදගතුන් සෑහෙන්න ඇවිත් වගේ...

:       2       4

පිටරටවැසියා Friday, 24 May 2024 02:14 AM

ලංකාවේ තක්කඩි දේශපාලුවෝ ඇතිකරන ලද ගැටළුවලට බුදුන් වැඩියත් විසඳුම් නෑ, නෑමයි...!

:       0       3

Thennakon Friday, 24 May 2024 07:38 AM

දැන් ඉතින් සමන් වගේ මාලිමාවොත් පොහොට්ටුවේ අයත් රටේ ප්‍රශ්න ගොඩගැහිලා රෝගීන්ට බෙහෙත් ටිකක් ගන්න නැතුව තියෙද්දී රනිල් නවලෝක රෝහලේ අඩුපාඩු හදන්න යනවා කියාවි...

:       3       2

Anura Friday, 24 May 2024 07:48 AM

"අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු" පින්පති තුමා සහ ගෝලයෝ ටික නොකියා කියන්නේ ඒ ගොල්ලෝ බංකොලොත් කරලා රටේ ආර්ථිකයට, ගෙදර ආර්ථිකයට කරපු විනාශේ හොයන්නේ නැතිව, වර්තමානයට අපි හැමෝම හැඩගැහෙන්න කියලා...

:       2       3

ෂෙල්ටන් Friday, 24 May 2024 11:19 AM

ඒ වුණාට ලංකාවේ ගැටළු වලට මොන විසඳුමක්වත් නෑ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 495 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site