
(යොහාන් භාසුර)
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසීය.
මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාලඹේ, අතුරුගිරිය සහ කටුනායක සහ උප නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවට ප්‍රදේශයේ තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ද, ඉදිකිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.
අනුරාධපුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ ඉදිරිකිරීම්වලින් සියයට 40 ක් පමණ මේ වන විට අවසන්ව ඇති බව කියන එම අමාත්‍යංශය ශක්‍යතා අධ්‍යනයෙන් පසුව සෙසු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් ද ආරම්භ කරන බව ද එම අමාත්‍යංශය කීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
kumara Saturday, 22 March 2025 07:39 AM
උදෑසනට කාර්යාල කාලය තුළ දුර සිට පැමිණෙන දුම්රිය කොළඹට ඇතුළු නොවී, මුහුදුබඩ සඳහා මොරටුවත්, උඩරට සඳහා ගම්පහත් ආදී වශයෙන් නවත්වන්න. ඉන් පිටත්වන මගීන් සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණෙන මගීන්ට කොළඹ සහ ඒ ආසන්න නගර සීමාව තුළ වැඩි ප්‍රමාණයකින් ධාවනය වන දුම්රිය පද්ධතියක් හඳුන්වා දෙන්න. උදාහරණ ලෙස මොරටුව සිට දිගින් වැඩි දුම්රිය හෝ එකම දිශාවට එකක් පසුපස එකම සංඥා යටතේ ධාවනය කළ හැකි අයුරින් හෝ එසේත් නැතිනම් මිනිත්තු පහක වැනි වෙනසකින් දුම්රිය ගණනාවක් කොළඹ දිශාවට එක් දුම්රිය ධාවන තීරුවකත්, කොළඹ සිට මොරටුවට (හෝ අදාල ප්‍රදේශයට - උදා ගම්පහ විය හැක) ධාවනය වන අයුරින් ක්‍රියාත්මක කරන්න. මෙම දුම්රිය යම් කාර්මික දෝෂයකට ලක් වුවහොත් ඒවායේ දුම්රිය එන්ජින් වහාම වෙනස් කළ හැකි ආකාරයට සහ පීලි පැනීම් ආදියෙන් යලි සකසාගත හැකි අයුරින් ක්‍රම වේදයන් සකසන්න. සීමාව කෙටි කර වැඩි කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන්න. දුර සිට ධාවනය වන දුම්රිය කොළඹට කෙලින්ම ගෙන ඒමෙන් දුම්රිය මාර්ගය සංඥා පද්ධති සියල්ල උපරිම ධාරිතාවයට ලං විය නොහැකි අයුරින් සංකීර්ණ වේ. නිවැරැදිව ක්‍රියාත්මක කරන්නේ නම්, පොදු ප්‍රවාහණයට ජනතාව යොමු කරවිය හැකිය.
de silva Sunday, 23 March 2025 02:17 PM
හොඳම විසදුම ගොට්භය රජය විසින් නතර කරන ලද සැහැල්ලු දුම්රිය වියාපෘතිය නැවත ක්‍රියාත්මක කරන එක, මේ අවමානෙට පස්සේ ජපන්නු නම් මේක කරන්න එන්නේ නැහැ... අර ශ්‍රී ලන්කන් සුදු අලියා වහලා දමලා ඒකට අවුරුදු පතා වියදම් කරන මුදල් මේකට යොදවන්න. අර කන්ටේනර් පෙට්ටි පටවන්න බැරි නිසා සැහැල්ලු දුම්රිය වැඩක් නැහැ කියපු ලලිතසිරි ගුණරුවන්ව අහුවුනොත් හොම්බට දෙකක් අනිනවා...