IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලා

 

(අංජුල මහික වීරරත්න)

අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව නොවැම්බර් මස 30 පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි බවද එදින වනජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219,560 ක් බව අමාත්‍යාංශය පවසයි.

දෙසැම්බර් 5 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර එමගින් ලද ආදායම 9,81,981ක් බව අමාත්‍යාංශය පවසයි.

විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා ප්‍රවේශපත් නිකුත් කරන කවුළු වැඩි ප්‍රමාණයක් විවෘත කර තබන්නැයි අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 



අදහස් (3)

නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලා

chandima Wednesday, 07 December 2022 11:37 PM

වැඩක් නැහැ. අරගොල්ලෝ ලෝකෙ වටේ රවුමක් ගහලා බුරියානි කාලා ඔය සල්ලි ඉවර කරනවා.

:       1       13

Bamunuarachchi Thursday, 08 December 2022 06:20 AM

නැව් දෙකකින් යාලට ඩොලර් ඇදලාලු එහෙනම් වහාම මේගැන පරීක්ෂණයක් පවත්වා ඩොලර් ඇද්ද අයට දඬුවම් කලයුතුයි.

:       1       5

කසුන් Thursday, 08 December 2022 10:29 AM

කුහක කම කියන්නේ මහින්ද හදපු හම්බන්තොට වරායට ආපු නැවි කියලා කියන්නේ නැහැ. ඒක සහ හයිවේ නැත්නම් එච්චර එන්නේ නැහැ

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site