IMG-LOGO

නව ත්‍රස්ත පනත මැතිසබයේ න්‍යාය පුස්තකයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ළඟදීම විවාදයට ගැනීමට නියමිතය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 11 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු රැඳවිය හැකි කාලය මෙම නව සංශෝධන පනත් කෙටුම්පත මගින් මාස 18 සිට මාස 12 දක්වා අඩු කෙරෙනු ඇත.

මේ අතර මේ පනත යටතේ රඳවා සිටින පුද්ගලයන් ආරක්ෂා සහිතව සිටිනවාදැයි තහවරු කර ගැනීම සඳහා සඳහා මහෙස්ත්‍රාත්වරයාට අදාල රැඳවුම් ස්ථානයට පැමිණීමටද නව සංශෝධන මඟින් අවස්ථාව සැලසෙනු ඇත.

එසේම රැඳවියකු රඳවා සිටින ස්ථානයකට නීතිඥවරයකුට පැමිණීමට අවස්ථාව සැලසීමටත් රැඳවුම් භාරයේ සිටින තැනැත්තාට සිය ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීම( සන්නිවේදනය) සඳහා හැකියාව ඇති කිරීමටත් නව සංශෝධන පනත මගින් විධිවිධාන සැලසේ.

සැකකරුවන් වධදීමට ලක්ව නොමැති බවට තහවුරු කරගැනීම සඳහා එම ප්‍රඥප්තියේ එකොළොස් වැනි වගන්තිය යටතේ නියමයක් ලබාදීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද නව සංශෝධන පනත මගින් ප්‍රතිපාදන සැලසෙන බව සඳහන් වේ.

මේ අතර කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති අතර එම පනත් කෙටුම්පතද ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.

 



අදහස් (0)

නව ත්‍රස්ත පනත මැතිසබයේ න්‍යාය පුස්තකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site