(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටට අවශ්‍ය කෙරෙන නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ජා කෙරිණ.
වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විසමතාව විසඳීම ප්‍රබල ගැටලුවක් බවත් ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලද ක්‍රමවත් කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. වර්තමානයේදී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සදහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබා දීමට නියමිත බව මෙහිදී සඳහන්විය. නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවටද යෝජනාවිය. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද ඊට ඇතුළත් කිරීම ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. නීතිය සහ සමාජය අතර පවතින සම්බන්ධයද එමගින් නිරූපනය විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
පාසල් වලට අනුයුක්ත කර ඇති උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථීර කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවටද මෙම කාරක සභාවේදී යෝජනා විය. උපාධිධාරින් 60000 න් 18000 ක් දැනට පාසල්වලට අනුයුක්ත කර ඇති බවත් ඔවුන් ස්ථිර කිරීමට දැනට යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවත් මන්ත්‍රීවරු කාරක සභාවට පෙන්වා දුන්හ.
පාසල්වලට අනුයුක්ත කර ඇති ඇතැම් උපාධිධාරින් ඒ සඳහා කැමැත්තක් නොදක්වන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙහිදී කීවේය. ගුරුවරුන්ගේ අභිමානය සුරකීමටද නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.
ජාතික පාසල් 1000ක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා විය.
COMMENTS
වදුරන්, රිලවුන් වැසි සමයේදී ගෙවල් සෑදීමට අදාළ ප්‍රාදේශීය සබාවට හෝ නගර සභාවට යෝජිත නිවාසවල සැලසුම් අනුමැතියට ඉදිරිපත්කරනවා කියන්නේ නිකමටද ?දශක 4ක 5 ක සිටම අප අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්ති සකසනාවානේ....ඒ කෙසේ වෙතත් මෙවරවත් ඊළගට බලයට පැමිණෙන හරකුන්ට එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට බැරි වෙන ලෙස වඩාත් රටට හිතකර අයුරින් සැකසීමට හැකි නම් වඩාත් සුදුසුය.
පසුගිය අවුරුදු දෙකේ කලින් හිටපු ගොයියා පොල් ගාලද?
උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි කාටදැයි සලකා බලන්න. උසස් පෙළ සිසුන් සඳහා වන විෂය සංයෝජන මුළුමනින්ම වෙනස් කළ යුතුය. එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ විෂය සංයෝජන සලකා බලන්න උසස් පෙළ විෂයයන් ලැයිස්තුව සමාන කළ යුතු බැවින් ලැයිස්තුව කෙටි කළ යුතුය.
ඔය වැඩේ මහාචාර්ය වීරවංශ වගේ දන්න කෙනෙකුට බාරදෙන්න..
දේශපාලකයින්ගේ හිතුමතයට නොව මහජන මතයද විමසා තීරණය කළ යුතුයි...
දරුවන්ට අධ්‍යාපනය දෙනවා කියන එක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. එහිදී දරුවකු තුළ සැඟවී ඇති අධ්‍යාපනය කියන කාරණය අවදිකරන්න ඕනෑ. කොච්චර හොඳ පාසලකට ගියත් මේක පාසලේදී වෙන්නේම නැහැ. ගුරු භවතුන් පන්තියට ඇවිත් කාලසටහනට වැඩකරලා ඊළඟ පන්තියට යනවා. මොන ගුරුවරයාද ළමුන්ගේ හැකියාව හා සැඟවුණු ශක්තිය හඳුනාගෙන උගන්වන්නේ. දැන් කාලේ ගුරුවරුන්ගෙන් සියයට අනූවක් තරම් පිරිසක් ඉගැන්වීමේ ක්‍රමදන්නේ නැහැ. බොහෝ පිරිසක් දරුවන්ගේ මනස හඳුනාගෙන නැහැ. තවත් සමහර ගුරුවරුන් රසවත්ව යමක් උගන්වන්න දන්නේ නැහැ. එවැනි අය පන්තියට එනවිට කොල්ලෝ පැන යනවා. කෙල්ලෝ නිදා ගන්නවා. මෙහෙම වෙන්නේ බඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැතිකම නිසායි. අතීතයේ මුලින්ම ලිඛිත පරීක්ෂණයෙන් සමත්විය යුතු අතර ඉන් සමත්වන අය ඉගැන්වීමේ හැකියාව බැලීමේ සම්මුඛ පරීක්ෂණයකටත් යායුතු වෙනවා. මෙයින් කරන්නේ මේ අය ඉගැන්වීමට සුදුසුදැයි බැලීමටයි. අද එහෙම නැහැනේ. රජයේ රැකියා ප්‍රශ්නය විසඳීමට උපාධිධාරීන් 5000කට හෝ 10000 කට ගුරු පත්වීම් දීමට තීරණය කළාය කියන කොටම පත්වීම් දීගෙන දීගෙන යනවා. උගන්නන්න පුළුන් කෙනාටයි, බැරි කෙනාටයි දෙගොල්ලටම දෙනවා. ඒකයි මේ රටේ අධ්‍යාපනය දුර්වල වීමට හේතු වී ඇත්තේ. මෙයට ප්‍රථිකර්ම යෙදිය යුතුයි...
දේශපාලුවන්ගේ හිතුමතේට ජාතික අද්‍යාපන ප්‍රතිපත්ති හදලා වැඩක් නැහැ.පහුගිය කාලේ පුරාවටම සිද්ද උනේ හත්පොළේම ගාගත්තු එක තමා. දැනුම් තේරුම් ඇති වියතුන්ගෙ සහ ජනතාවගේ අදහස් ද විමසා බැලීම අවශ්‍යයි .
පෙෘද්ගලික පාසල් නියාමනය කරන්නෙ කවද්ද
ලංකාවෙ ගුරුවරුන්ට පුහුණුව දෙනවා කියල උපදේශකවරු කිහිපදෙනකුටයි ඵලදායි යමක් කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙ. එන එන ඇමතිගෙ බොරු වැඩ ඔවුන් හරහා ගුරුවරයාට එනවා. ෆෝම් පුරවන එකෙන් ගුරුවරුන්ගෙ කාලය අපතෙ යනවා. අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය ඉතා හොදයි කියල තියන සාක්ෂිය තමයි මේ අයගෙ මොළවලින් එතෙර සිදුවන මහා පරිමාණ දියුණුව. ඇස්ට්‍රාසෙනිකා සොයා ගැනීමට සහ ෆයිසර් සොයා ගැනීමට පවා අපේ පරීක්ෂකයන්ගේ දායකත්වය තිබුණා කියල එයාලා ප්‍රසිද්ධ නොකලාට අපි පෞද්ගලිකව දන්නවා. ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනය ගැන දෙමාපියන්ගෙ නොදැනුවත්භාවය වගේම සමහර ගුරුවරුන්ටත් හරි වැටහීමක් නොමැතිව එය සැලසුම් නොකර ශිෂ්‍යාට දැරිය නොහැකි පැවරුම් දීමෙන් 80 අග භාගයේ අසාර්ථක වුණා. කට පාඩම් කර ලියන පරීක්ෂණයෙන් ලකුණු ස්වල්පයක් එකතුවීමට සලස්වා හොදින් සැලසුම් කළ පැවරුම් දීමෙන් දරුවන්ගේ අසාර්ථක භාවයෙන් ඇතිවන අපේ්‍ක්ෂා භංගත්වය අවම කළ හැක. එහෙත් අපක්ෂපාතිත්වය පුරුදු නැති ලංකා සමාජයට මෙය උසස් පෙළදී සිදුකිරීම ප්‍රායෝගික නොවේ.
උපදෙස් ගන්නවානම් හොරට ලියලා නීති උපාධි ගත්තු අයවත් සම්බන්ධ කරගෙන උපදෙස් ගන්නවානම් වඩාත් හොඳයි .
නිදහස ගත්තු දා ඉඳලා මේ වෙනකොට කී වතාවක් නම් වෙනස් කලාද.?