IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉල්ලා 12 දෙනෙක් උසාවි යති

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කළේය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු  12 දෙනෙකු මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බවත්, එබැවින්, ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලන ලෙසත් මෙම පෙත්සම ගොනු කර තිබිණි

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ කැදවිණි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ, දේශපාලන හා බාහිර බලපෑම් බරපතල ලෙස සිදුවන බැවින්, මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදුවිය යුතු බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.එබැවින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අදාළ බලධාරීන් ට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම පෙත්සම ලබන මාර්තු 15 වැනිදා කැඳවේ.



අදහස් (7)

නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉල්ලා 12 දෙනෙක් උසාවි යති

kim Monday, 15 February 2021 09:20 AM

හොඳ දෙයක්... නමුත් මුත්තයියා පෙත්සම දාපු පැත්තේ ඉන්න එක අවුල්. රටට කීර්තියක් ගෙනාව ක්‍රීඩකයෙක්.. නමුත් ඔහුගේ දේශපාලනය මොකද්ද කියලා අපි දන්නවා.

:       11       55

DM Monday, 15 February 2021 09:32 AM

ඉතා හොඳ වැඩක්. මේ ක්‍රමය නැවැත්විය යුතුයි.

:       0       25

sunanda Monday, 15 February 2021 12:58 PM

දැන් සිදුවන්නේ කමිටු දැමීම, කමිටු ප්‍රශ්න කිරීම, ව්‍යවස්ථාව සකස් කිරීම, නඩු මගට බැසීම හැර ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කිරීම නොව... මෙය රටේ මිනිසුන්ගේ බදු මුදල් විනාශ කිරීමක් පමණි. දැන් කළයුත්තේ කෙනෙකුට ක්‍රිකට් ගැසීමට අවශ්‍ය නම්, එය තමන්ගේ පුද්ගලික මුදලින් සිදු කරන්නට ඉඩදී, මහජන බදු මුදල් මෙවැනි දෙයකට වියදම් කිරීම නැවැත්වීමයි...

:       6       28

Prasad Monday, 15 February 2021 01:24 PM

මුරලි ඉන්න නිසා වැඩේ ගැන අවිශ්වාසයි. වරාය වෘත්තීය සමිති වගේ අපිව යවන්න හදනවා වගේ...

:       8       50

Suranjith Monday, 15 February 2021 03:51 PM

මේ අය කවුද කියලා හොයලා බලපුවාම කට්ටියම එකතුවෙලා අපිව අන්දවන්න වගෙයි හදන්නේ...

:       0       0

upul Tuesday, 16 February 2021 12:46 AM

හරි නම් රටේ මිනිස්සු ගිහින් නඩුවක් දාන්න ඕනේ මහජනතාවගේ බදු මුදල් අත්තනෝමතිකව වියදම් කරන මේ ක්‍රිකට් ආයතනය වහලා දාන්න කියලා...

:       0       2

Iran Tuesday, 16 February 2021 08:14 AM

බිස්කට් මහත්මයා ඉන්නවා නම් ඕක ගැන වැඩිය හිතන්න එපා.. බේබිලාට, හාමුලාට අහිතක් වෙන දෙයක් එයා කරන්නේ නෑ.. කුකුළු මස් මුදලාලිලා දෙන්නත් ඒ ජාතියේම තමයි..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 647 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 220 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 403 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 163 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 145 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 354 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site