
(යොහාන් භාසුර)
පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (10) පැවසීය.
නාරාහේන්පිට පිහිටි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.
ආර්ථික කොමිසම, කලාප ශ්‍රී ලංකා, ආයෝජන ශ්‍රී ලංකා, ඵලදායිතා කොමිසම, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කොමිසම සහ පර්යේෂණ සඳහා ආයතනය ලෙස එම ආයතන හැදින්විය හැකි බවත් දැනට ආයෝජන මණ්ඩලය හරහා සාර්ථකව කෙරෙන කාර්යය කටයුතු සඳහා ද මෙවන් ආයතන හඳුන්වා දීමකින් අනවශ්‍ය දේශපාලන අතපෙවීමක් වන බවත් රණවක මහතා පැවසීය.
නව ආර්ථික කොමිසම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් ජයග්‍රහණය කරන කණ්ඩායමකට 113 කට වැඩි ප්‍රමාණයකින් මෙම පනත් සංශෝධනය කළ හැකිවුවද බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවක් පත්වුවහොත් ඔවුන් මේ පනතේ සිරකරුවන් බවට පත්වන බව කී රණවක මහතා අලුතින් ආයතන පිහිටුවමින් තවත් රාජ්‍ය වැය ශීර්ෂයක් ඇති කරවා ගැනීම වෙනුවට පවතින ආයතනයන් නිවැරැදි විගණනය කිරීම් හරහා පවත්වාගෙන යාම කළයුතු බවත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’නව ආර්ථික කොමිසමෙන් අලුත් රාජ්‍ය ආයතන 6ක් බිහි වෙනවා’’
kotiya Wednesday, 12 June 2024 04:45 AM
කොහෙද ඉතින්, සුදු මාමාට මේ වගේ හොද අදහස් එන්නේ වැලේ වැල් නැතුව විපක්ෂේ ඉන්න කොටනේ. ආණ්ඩු පක්ෂේ ඉන්නකොට තිබ්බ ලොකුම ප්‍රශ්ණ උනේ හලාල් ප්‍රශ්නෙයි මහින්දගේ හොරකම් ප්‍රශ්නෙයි නේ