IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක  ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ යුද හමුදා පුහුණුවලත් අයකු මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී  පිස්තෝලය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු රත්තොට දන්කන්ද පොල්වත්තාකන්ද ගම්මඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර අදාල සැකකරු රත්තොට සිට මාතලේ ප්‍රදේශය වෙත පිස්තෝලය ඉනේ රඳවා ගෙන බස් රථයක පැමිණ ඇති අතර මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී බස් රථය නතර කර සිදුකරන ලද පරීක්ෂණයේදී පිස්තෝලය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා නිලධාරිනීන් විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී අදාළ සැකකරු පවසා ඇත්තේ සැකකරු දිය නෑමට ගිය අවස්ථාවක රත්තොට ගඟේ තිබී මෙම ආයුධය ඔහුට හමුවූ බවට ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 139 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site