IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නිවසක වටිනාකම තදින් දැනුනේ මගේ ගේ ගිනි තැබූ දවසේ

 

(අංජුල මහික වීරරත්න)

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.

නිවාසක වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත් වන ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාස වල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට  ජනාධිපති කාර්යාලයේ දී සහභාගී  වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල්  3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත  අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත්  එම මුදල මාසයක කාලයකදී  ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ  පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. 

මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන්  1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. 



අදහස් (16)

නිවසක වටිනාකම තදින් දැනුනේ මගේ ගේ ගිනි තැබූ දවසේ

indika Wednesday, 10 July 2024 01:20 PM

රනිල් කියන්නේ නියම මොලයක් ..හිතක් නැති

:       14       28

kasun Wednesday, 10 July 2024 01:36 PM

මෙයාගේ ගෙදර ගිනි තියපු එක මොනතරම් දෙයක්ද .ඒ වගේම මෙයාගේ සල්ලි කවුරු හරි හොරකම් කලොත් එයාට හොරකම් කරන එකේ වැරැද්ද අවබෝධ වේවි.

:       31       46

Prabha Wednesday, 10 July 2024 02:06 PM

තමන්ගේම ගෙදර ගිනිතියාගන්න හිතක්, පපුවක් තියෙන පුද්ගලයෙකුට බෑ...

:       27       42

මැක්ස් Wednesday, 10 July 2024 02:10 PM

අනුන්ගෙන් කකා බිබී ඉන්න රතු පාට හනුමන්තා සෙට් එකට මොන ගෙවල්වල වටිනාකම්ද අනේ...!

:       43       35

Rata Perata Wednesday, 10 July 2024 02:33 PM

පාස්කු දා ප්‍රහාරයෙන් 250 ක් මැරුණා. මොවුන්ට ගාණක් වත් නෑ. තමන්ගේ ගෙදර ගිනිතියපු එක නම් දැනිලා. මේ වගේ අය පත්කරපු පොහොට්ටුවෝ එළවලාම දාන්න ඕනෑ. විශේෂයෙන් ගෝඨාභය වගේ අය ඉන්න ඕනේ හිරේ...

:       14       32

Pankumburage Wednesday, 10 July 2024 02:35 PM

හය පාරක් අගමැති වෙලා, ගෙයක වටිනාකම නොදන්න නායකයා. ඕවාට දැන් මිනිස්සු අන්දන්න බෑ හලෝ.

:       20       25

ලසන්ත Wednesday, 10 July 2024 02:35 PM

මේ... කවුරුහරි පුළුවන් කෙනෙක්, තමන්ගේ අඳුරන කෙනෙක් දාලා මෙයාගේ සේප්පුවක් කඩලා මංකොල්ල කාපන්කෝ. එදාට, මහබැංකුව කොල්ලකෑමේ අමාරුව තදින්ම දැනෙයි.

:       17       23

නඩා Wednesday, 10 July 2024 02:41 PM

යාපනේ පුස්තකාලේ ගිනි තියපු දවසේත් ඔහොම හැඟීමක් දැනුණා...

:       14       23

නන්දා Wednesday, 10 July 2024 02:43 PM

88/89 මගේ පුතාව අරන් ගිහින් මරලා දාපු බව දැන ගත්තාමත් ඔහොම්ම දැනුනා. ඒත් ඒ හැඟීම නම් ඔබතුමාට කවදාවත් දැනෙන්නේ නෑ.

:       13       32

Chandima Wednesday, 10 July 2024 03:24 PM

හෙට අනිද්දාට රස්සාව අහිමි වුණාම මිනිස්සුන්ට රස්සාව නැතිකම හොඳට තේරෙයි.

:       9       22

Karunajeewa Wednesday, 10 July 2024 03:26 PM

ඒ වගේද උගත්, තරුණ ජීවිත, රජයේ සහ අතුරු හමුදා මගින් ටයර් මැද්දට දාලා පිච්චුවේ... ඒකට රනිල් වග කියන්න එපැයි.

:       24       26

Chinthaka Wednesday, 10 July 2024 03:46 PM

වේලක් හැර වේලක් කාලා බලන්න... එතකොට තේරෙයි ඔයාගේ පාලනයේ දියුණුව...

:       12       23

පිටරටවැසියා Wednesday, 10 July 2024 04:23 PM

සාමාන්‍යයෙන් මිනිසකුට නිවසක වටිනාකම දැනෙන්නේ වයස 20-30 අතර විවාහ වුණාම. වටිනාකම තියෙන්නේ, ඔබතුමාට එය වයස 70-80 අතර කාලයේදී දැනීමයි. එපමණක් නොව, ඔබතුමාගේ නිවස ගිනිතබා වසර දෙකකට පසුව, මැතිවරණයක් අභියස, මහල් නිවාස වල ජීවත් වන ජනතාවට නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීම එම වටිනාකම තවත් වැඩි කරන ලදී..

:       10       8

Rohana Wednesday, 10 July 2024 05:29 PM

ඔබට ගෙය ගිනිතැබීමේ වේදනාව වගේම ඔබේ පාලනයේ හොඳකමින් මේ රටේ බොහෝ පිරිසකට කන්න බොන්න නැති වේදනාව ඔබට නොදැනෙන්නේ ගේ නැතිවුණත් ඔබට යහමින් කන්න බොන්න ඇති නිසයි.

:       9       13

දේශප්‍රිය Wednesday, 10 July 2024 06:52 PM

කවුරු හරි ඔයාගේ බැංකු ගිණුමට විද්දොත් මහබැංකුවේ වටිනකාමත් තදින් දැනෙයි...

:       5       15

චතුරි Thursday, 11 July 2024 02:47 AM

මොන ගෙවල්ද. මින් එකෙක් වත් මහ මන්දිර හැදුවට ඉන්නෙ රජයේ ගෙවල් වල. ඔය තරම් වටිනාකම තේරෙනවානම්. තමන්ගෙ ගෙදර ඉන්න. අනිත් බුරුවන්ටත් කියන්න. මේ රට හොඩ ගන්න නම් ඔය නඩේ තමන්ගෙ ගෙදරට ගිහින් වතුර කරන්ට් ගෑස්. බඩු මේ සේරම බිල් ගෙවන්න. මුන් ඉන්නෙ පිනට කන්නෙ පිනට බෙහෙත් පිඅනට. වාහන පිනට. මේ හිගන නඩේ එලියට ඇදලා දාලා අනුර කුමාරට රට බාරදෙන්න ඕන. අව්ටුදු පහේ ප්ෂ්න්දන් නතර කරන්න. මුන්ටත් චන්දෙ දෙන හරක් ඉන්න රටක් මේක

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 495 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site