IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නුවරඑළියට එනකොට පොලිතින් ගේන්න එපා

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ඉල්ලා සිටියි.

අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් කැළි කසළ අදාළ ස්ථානවලට පමණක් බැහැර කිරීමට සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකීම ඉටු කරන ලෙසද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වෙතින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

මැයි මස 10වන දින සිට 16වන දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නුවරඑළියට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (1)

නුවරඑළියට එනකොට පොලිතින් ගේන්න එපා

Nihal Monday, 12 May 2025 02:39 PM

එපා කිව්වට වඩා හොඳයි තහනම් කිව්වා නම්, මේ රට පිරිසිදුවට තියාගන්න අලුත් නීති අණපනත් ක්‍රියාත්මක කළ යුතුයි, නැතුව සමහර ආත්මාර්ථකාමි දුෂ්ඨයින් බණ කියලා කවදාවත්ම හදන්න බෑ. සිංගප්පූරුව හදාගත්තේ එහෙමයි, කනවා, බොනවා, විසි කරනවා, රේල් පාර, මහ පාර දෙපස අපායක් කරලා, වාහන වලින් කාපු බීපු කුහකයින් පාරට දවසකට දහස් ගණනක් දානවා... ඔහොම මිනිස්සුන් යන ගමනක් සාර්ථක වෙන්නේ නෑ... පරිසරය අපවිත්‍ර කරන්නන් සදාකාලික හිඟන්නන්... ඕනෑම අපිරිසිදු නිවැසියන් ඉතා දිළිඳුයි. ඒ වගේම ලෝකේ ඕනෑම අපිරිසිදු රටක්ද ඉතා දිළිඳුයි. ඕනෑම පිරිසිදුව රටක් ඉතා ධනවත්ය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site