IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නාලක ගොඩහේවාට එරෙහි නඩුවට දින දෙයි

(මනොප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදී එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (05) දින නියම කළේය.

පැමිණීල්ලේ නඩුව අවසන් කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.

2013 අගෝස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට මුදා හළ රුපියල් ලක්‍ෂ 50ක මුදලක් එම ගිණුමට බැර නොකොට සිලෝන් ප්‍රීමියර් ස්පොර්ට්ස් (සී.එස්.එන්) ගිණුමට බැර කොට එම රුපියල් ලක්‍ෂ 50ක මුදල සාවද්‍ය පරිහරණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ හිටපු සභාපති සහ හිටපු අමාත්‍ය ආචාර්්‍ය නාලක ගොඩහේවා එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධක්‍ෂක රොනී ඊබ්‍රාහිම් නමැත්නන්ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.



අදහස් (2)

නාලක ගොඩහේවාට එරෙහි නඩුවට දින දෙයි

Buddika Monday, 05 December 2022 06:57 PM

අද කරන්න ට්‍රයි කරන්නේ මහත්මා දේශපාලනයක්. ප්‍රබුද්ධ දේශපාලනයක්.

:       0       2

de silva Tuesday, 06 December 2022 06:45 AM

විත්ති කරුවෝ අනිවාරයෙන් නිදහස් වෙනවා. ලංකාවේ කවද්ද තෝරු මෝරු හිරේ ගියේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site