IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නිරෝධායනයට ඇවිත් ගුරු විද්‍යාල වැනසුවේ කවුද?

(ඩයනා උදයංගනී)

කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගුරු විද්‍යා පීඨ කිහිපයක නේවාසිකාගාරයන්හි තිබූ සිසුන්ගේ පොත් පත්, ඇඳුම් පැළඳුම් මෙන්ම වටිනා උපකරණ ඒවායේ රැඳී සිටි පුද්ගලයන් විසින් විනාශ කර ඇති බවට එම සිසුහු චෝදනා කරති.

තමන්ගේ ඇඳුම්, පොත්පත් තිබූ කබඩ් ආදියේ අගුලු මෙන්ම භාණ්ඩ දමා ඉබියතුරු පවා දමා තිබූ ගමන් බෑග ඉරා දමමින් භාණ්ඩ එළියට ඇද දමා ඇතැයි එම සිසුහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍යාවක් පැවසුවේ විද්‍යාපීඨ වෙත යාමේදී බොහෝ දෙනෙකුට අවශ්‍ය භාණ්ඩ ලබාගෙන ඇත්තේ දෙමාපියන් ණය වෙමින් බවයි.

එසේ ලබාගත් ඇඳුම් පැළඳුම්, පොත්පත් ආදිය මෙසේ විනාශ කර දැමීමෙන් එම සිසුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ද ඇය කීවාය.

විශේෂයෙන්ම පුලතිසිපුර, රුවන්පුර සහ සියනෑ යන විද්‍යාපීඨයන්හි සිසුන්ගේ භාණ්ඩ මෙසේ විනාශ කර දමා ඇති අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යවල ද පළ වී තිබේ.

වසරක පමණ කාලයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය මේවායේ කොවිඩ් ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන්, යාචකයන් ආදීන් රඳවා සිටි බව වාර්තා වේ.

මෙට්ට, මදුරුදැල් ආදිය ද විනාශ කර ඇති බවත්, විදුලි ස්ත්‍රික්ක ආදිය ඒවායේ රැඳී සිටි පුද්ගලයන් රැගෙන ගොස් ඇති බවත් ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ තමන්ගේ නේවාසිකාගාරවල තිබූ භාණ්ඩ විනාශවීම හේතුවෙන්ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි පවා ආරම්භ කර ඇතත් මෙතෙක් විද්‍යාපීඨවල කටයුතු ආරම්භ කර නැත්තේ මේ තත්වය හේතුවෙන් විය යුතු බව ද ලේකම්වරයා කීවේය.

එම සිසුන්ගේ දෙමාපියන් ලබාදුන් උපකරණ සියල්ල විනාශ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ට රජයෙන් සාධාරණ වන්දියක් ගෙවිය යුතු බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම සිසුන්ගේ නැති වී හා විනාශ වී ඇති භාණ්ඩ පිළිබඳ ලේඛන විද්‍යාපීඨ පාලනාධිකාරිය හරහා ලබාගනිමින් සිටින බවයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමක් කරන බව ද ඔහු කීවේය.



අදහස් (20)

නිරෝධායනයට ඇවිත් ගුරු විද්‍යාල වැනසුවේ කවුද?

Malika Wednesday, 01 December 2021 02:05 PM

ලංකාවේ මිනිස්සුන් මහා පුදුම ජාතියක් අප්පා. එන්න එන්නම හැසිරෙන්නේ එපාම කරපු අය ලෙසට. බුදුන් තුන්පාරක් වැඩම කරපු රට. තුන් ලෝකෙටම උතුම් වු ද්‍රෝනියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින එකම රට. කෝටියක් දෙවි දේවතාවන්ගෙන් වැදුම් පිදුම් ලබන චෛත්‍ය තිබෙන රට. බුදුරජාණන්වහන්සේගේ ලලාඨ ධාතුන් වහන්සේ වැඩ සිටින එකම රට. ඒත් මුළු ලොකේම වනසන එපාම කරපු කොටසකුත් ජීවත් වෙන රට. අනේ බුදුන් ජීවමානව වැඩ සිටියා නම් ????

:       1       81

RaveendraWednesday, 01 December 2021 04:22 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි...

:       0       0

kamalThursday, 02 December 2021 06:50 AM

දැන් තේරුනා නේද ඇත්ත.ඔබ කියූ ඔක්කොම බොරුවට ඔබව අන්දන්න කියපුවා.ලංකාව ඔය කියන තරම් පිරිසිදු නැහැ කියලා

:       0       0

Kamal Wednesday, 01 December 2021 02:20 PM

මේකට සම්පූර්ණයෙන්ම මෝඩ ආණ්ඩුව වගකියන්න ඕනෑ. යාචකයෝයි, හොරුයි මේ වගේ තැන්වලට දානවද?

:       28       56

RaveendraWednesday, 01 December 2021 04:33 PM

ඔබගේ සිතෙහි ඇඳි "බුද්ධිමත්" ආණ්ඩුව හෝ ඔබ වන්දනාමාන කරන "බුද්ධිමත්" පක්ෂය බලයේ සිටියා නම් මෙම අවස්ථාවේ මෙම තීරණය නොගනී යයි යයි ඔබ උපකල්පනය කරන්නේද? යාචකයින් හෝ හොරුන් වුවත් කෙසේ වෙන්කර සලකන්නේද යන්න ඔබම සඳහන් කරන්නේ නම් කොතරම් සුන්දරද? ඒ කෙසේ වෙතත් "ඔබ සහ අප" කිසිවෙකු අමාරුවේ වැටුණු මොහොතක ඔහුගේ අලගිය තැන් මුලගිය තැන් සොයා උදව්කරන්නේ නම් ඔබ සහ අප වැඩකටම නැති අපත නිවටයින් ලෙස "නොදකින්නේ" එවැනිම අපතයින්ය...

:       39       32

Anuradha Wednesday, 01 December 2021 02:20 PM

නොමිලේ හැමදේම ලැබීම් අයිතියක් කියලා හිතාගෙන ප්‍රතිකාර ගන්න ආව ශ්‍රී ලංකාවාසී සම හරක්ගේ වැඩ. දෙමව්පියන් හරියට නොහදපු වැරද්ද හා අධ්‍යාපනයේ වැරැද්ද...?

:       0       62

පැරකුම් Wednesday, 01 December 2021 02:45 PM

ආණ්ඩුව මොක උනත් එවැනි හදිසි තීරන ගැනීමේදී වෙන කල දෙයක් නැත. වරද රජයේ නොව මිනිසුන්ගේ නැහැදිච්චකමයි.

:       8       65

කිරි පුතා Wednesday, 01 December 2021 02:59 PM

අසත්පුරුෂයින් ට මිනිසුන් ලෙස සැලකුවත් ඔවුන්ගේ ගති නොවෙනස්ව පවතින බවට හොඳම සාධකයකි. අසත්පුරුෂයා අසත්පුරුෂයාම ය.

:       1       61

ලංකා බබෙක් Wednesday, 01 December 2021 03:22 PM

මේ ලංකාව කියල අමතක වුනාද? මිනිස්සු හැසිරෙන්නෙ තමන් කරන කියන දේ වලට විපාක ලැබෙන්නේ නැහැ වගේ.

:       0       42

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 01 December 2021 04:04 PM

මම අම්බලන්ගොඩ ධම්මකුසල විදුහලේ හිටපු විදුහල්පති. හැම ගං වතුරකටම ඉන් අනාත වන පුද්ගලයින් සදහා මගේ පාසල යොදා ගන්නවා.එහෙම කරන්නෙ දේශපාලකයින් විසින්.නමුත් අවට පන්සල දෙක තුනක්ම තිබියදී හැමදාම අනාතයින් ලැගුම් ගත්තේ මගේ පාසලේ. ඒ අනාතයින් හැමදාම පාසලේ තිබුණු සියලුම දේ විනාශ කලා. මේ සම්බන්ධයෙන් මම අවස්ථා ගණනාවකදීම පොලිසි ගොස් තිබෙනවා. එක වරක් ඉබි යතුරු ගලවා අනාතයින් පාසලට ඇතුල් කර තිබුනේ නගර සභිකමහතකු විසින්. ඔන්න ඔහොමයි තත්වේ. ඕවට කලබල වෙන්න එපා. මේව අශිෂ්ඨ පුරුදු අධ්‍යාපනයෙන්ම වෙනස් කල යුතුයි.එසේ බැරිම නම් දඩුවම් දිය යුතුයි.

:       0       0

දිමුත් Wednesday, 01 December 2021 04:16 PM

මෙහෙව් ජරා ජාතියක්! චික් විතරක්...!

:       0       0

Demuni Uduwara Wednesday, 01 December 2021 04:45 PM

ගෝතම බුදුන් වහන්සේගේ ශාසනය දැන් අතුරුදන් වෙලා තියෙන්නේ..!!!

:       4       15

Siri Friday, 03 December 2021 10:25 AM

වැඩක් නැහැ.. අටමස්ථානයත් අපිට නැතිව ගියා.. ඉතින් තව මොනවා නැති වෙන්නද?

:       1       0

Buddi Wednesday, 01 December 2021 04:59 PM

පිංකෙත හෙළ රන් දෙරණේ යලි නූපදින්නට...

:       9       15

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 01 December 2021 06:39 PM

මිනිස්සුන්ට වගේම රටවල් වලටත් නරක කාල උදාවෙනවා.. එහෙම කාලවලට නපුර ඒ බිම රජ කරනවා.. එදවස පාලකයින් මහජනතාව පමණක් නොව පූජකයින් පවා නුගුණ දේ කරනවා. මේ හැම දෙයකින්ම මට නම් බුදුදහම තව තවත් සත්‍ය බව වැටහෙනවා.

:       0       0

ගමේ එකාලා Wednesday, 01 December 2021 06:58 PM

කිසිම චාරයක් නැති අයගේ වැඩ. හරිහමන් හැදියාවක් නැතිකම අන්තිමට... වෙච්චි දේට මක්කරන්න ද කියලා හිත හදාගන්න තමයි වෙන්නේ..?

:       0       0

සමන්ත Wednesday, 01 December 2021 07:49 PM

රටටත් ජාතියටත් උපන් මවුබිම ටත් ණය ඇති මිනිසුන් මේ රටට කොතරම් විපතක් ගෙන එනවද

:       0       0

Prabha Wednesday, 01 December 2021 09:40 PM

ඔය මධ්‍යස්ථානවල හිටපු අයගෙ විස්තර අනිවාර්යෙන්ම තියෙනවා ඇතිනෙ. උසාවිය හරහා අලාභය අයකරගන්න.මාස තුනක් පාරවල් දෙපැත්තෙ තණකොළ සුද්ධ කරන්න දැම්ම නම් පාඩමක් ඉගන ගනීවි.

:       0       0

sharm warn Thursday, 02 December 2021 08:47 AM

මධ්‍යස්ථානයක් සඳහා භාවිතා කරන තැනයි, එතනට යවන මිනිස්සු මොනවගේද කියලයි හිතලා තීරණය කරන්න බලධාරීන්ට මොලයක් නැතිනම් අනිවාර්යයෙන් බලධාරින් විසින් ඒ අලාභය ගෙවිය යුතුයි.

:       1       0

සශි ප්‍රසාදිනි Wednesday, 15 December 2021 01:12 PM

ළමයින් ගේ බඩුබාහිරාදිය හොරකම් කරපු එකෙත් පාඩුව දරාගන්න වෙන්නේ ළමයින්ට. පීඨාදිපතිලට සහා කතිකාචාර්යවරුන්ට වගේ වගක් නැ .මොකද එයාල ගේ දරුවෝ විද්‍යාපිඨ වල ඉගනගන්නේ නැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 83 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 140 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 785 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4511 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2227 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1042 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 926 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1416 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site