(ගයාන් සූරියආරච්චි)
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පවසයි.
පොලිසිය සන්තකයේ තිබූ රාජකාරී ගිනි අවියෙන් ටිපරයේ රෝදවලට වෙඩි ප්‍රහාර 4 ක් පමණ තබා ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් කොටිකටුවිආරු රක්ෂිතයේ ඉඩමක නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදුකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි