IMG-LOGO

නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවෙන් රැකෙන්න සෞඛ්‍ය පුරුදු කිහිපයක්

සෙම්ප්‍රතිශ්‍යාව නම ඇසූ පමණින්ම මේ වනවිට බොහෝ දෙනෙක් දන්නා සමාජයේ සුලබ රෝගී තත්ත්වයක් වී අවසන්ය. ඉඳහිට සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරුවන්නන් සේම නිරතුරුවම ඊට ගොදුරුවන පුද්ගලයෝද වෙති. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම කෙරෙහි බලපාන ප්‍රධාන සේම අතුරු කාරණාද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ සඳහා ඔවුන් දක්වන ප්‍රතිචාරය පවා විවිධ වේ.

නිතරම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හේතු

1).  පුද්ගලයා ජීවත් වන පාරිසරික සාධක

2).  ඔහු ගන්නා ආහාර

3).  දුහුවිලි

4).  ඔහු පරිහරණය කරන ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, ආදිය නිසා

සෙම් රෝග ගැන ආයුර්වේදයේ ඇති සඳහන

සෙම් රෝගීන් සීතල ආහාර පාන ලබා නොගත යුතු බවට ආයුර්වේදය උපදෙස් ලබා දී තිබේ. වැසි සහිත සිසිල් කාලගුණික තත්ත්ව මත වුවද අයිස් ක්‍රීම්, සීත කළ පාන වර්ග වැනි දෑ සුදුසු නොවේ. ඒ වගේම ඇතමෙකුට කුකුළු මස්, බිත්තර වැනි දෑ තුළින් අසාත්මිකතා පවා ගෙනදිය හැකියි. පැණි රස ආහාර අධිකව ගැනීමද ගුණ නැත. ඒ වගේම තෙල් ආහාර වැඩිපුර ගැනීමෙන්ද ස්ථුලතාව සේම සෙම් රෝග සඳහාද අවදානමක් වඩවයි. කුඩා දරුවන්ට නම් කිරි ,බිත්තර, අන්නාසි, දැල්ලො, ඉස්සො වැනි ආහාර එකදිගට ගැනීමෙන් අසාත්මිකතා මතු කරවයි.

මුළු රැයක් පුරාවටම එක දිගට විදුලි පංකා භාවිතයද සුදුසු නොවේ. එය දූවිලි , සුළඟ සමඟ මුසු වීම නිසා ගෙනදෙන්නේ අයහපත් සෞඛ්‍ය ප්‍රතිඵලයකි. ස්වසනය අපහසු කරවයි.

සීතල පින්න සහිත සුළඟද කෙනකුට සෙම් රෝග වැළඳීමේ ප්‍රධාන හේතු කාරකය විය හැකියි.

සෙම, පීනස, හතිය මේ කවර තත්ත්වයක් වුවද ඉහතින් සඳහන් කළ දෑවලින් ආරක්ෂා වී සිටීම සුදුසු වේ.

ඒ වගේම පහත ලබාදෙන උපදෙස් ඔබට අනුගමනය කළ හැකිය.

ඔබ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන්නේ නම් තවත් පුද්ගලයකු අසලට ගොස් අනාරක්ෂිතව කිවිසුම් යැවීම සිදු නොකරන්න. එසේ නොවුණහොත් කිවිසුමෙන් පිටවන කෙළ බිඳිති අවට සිටින පුද්ගලයන්ට විසිර ගොස් රෝගය බෝ වීමේ වැඩි නැඹුරුවක් පවතී. තව දුරටත් මුව ආවරණය පැළැඳීමේ අවශ්‍යතාව මින් මතු වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගියකු එබඳු මුව ආවරණයක් නැතුව මිනිසුන් අතරට යාමෙන් වැලකීම සුදුසුය.

දෑත් පිරිසුදු භාවය ඉතාම වැදගත් වේ. නිතරම නහය මුඛය ස්පර්ශ කරන බැවින් තම දෑත් නිරතුරුව පිරිසුදුව තබා ගන්න.

රෝගියකු පුද්ගලිකව පරිහරණය කරන දේවල් වෙනත් පුදුගලයන්ද භාවිතයට ගැනීමෙන් වලකින්න. ඒවා රෝගියාගේ පරිහරණයටම වෙන් කරන්න.

සිරුරේ ප්‍රතිශක්තිය කෙමෙන් කෙමෙන් හීන වීම නිසා ලෙඩ රෝගාදියට දිනෙන් දිනම ගොදුරු වීම නොවැළැක්විය හැකියි. එනිසා ඔබ නිරන්තරයෙන්ම සෙම් රෝගවලට ගොදුරු වන්නකු නම් ඊට බලපාන අදාල සාධකය හඳුනා ගනිමින් එයට නිරාවරණය නොවී හිඳීම සුදුසුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවෙන් රැකෙන්න සෞඛ්‍ය පුරුදු කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site