(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය.
නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව අකුරැස්ස පොලීසිය පැවරූ නඩුවක සැකකරුවන් නිදොස් කොට නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් හා අජන්ත ගම්මැද්දගේ යන මහත්වරු ඇතුළු සැකකරුවන් 13 දෙනකුට එරෙහිව නීරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අකුරැස්ස පොලීසිය එම නඩුව පවරා තිබුණි.
ඉකුත් වසරේ ජූලි මස 08 වැනි දින ඔවුන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් ජීවන බර ඉහල යාම,ඔන්ලයින් අධ්‍යාපනය පාසල් දරුවන් සැමට සමසේ නොලැබීම හා පොහොර ප්‍රශ්නය මූලික කර ගෙන රජයට එරෙහිව අකුරැස්සේ දී උද්ඝෝෂණය පවත්වා තිබුණේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගය කඩ කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කල බව පවසා අකුරැස්ස පොලීසිය එහිදී සැකකරුවන් 13 දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර පසුව අධිකරණය වෙත ඉදිරිපත් කලේය.
ඉන් පසුව කිහිප විටක් මෙම නඩුව කැදවන ලද අතර අද (02) එහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.
ඒ අනුව සැකකරුවන්ට එරෙහි චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විත්තියේ සාක්ෂී කැදවීමකින් තොරව සැකකරුවන් පිරිස නිදොස් කොට නිදහස් කරන ලදි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘‘නීතිය සැමට සමාන විය යුතුයි‘‘ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් කියයි
fairoos Thursday, 03 February 2022 01:09 PM
ආණ්ඩුව නානවා නෑමක් සබන් නැතිව
BamunuarachchiFriday, 04 February 2022 03:50 PM
නාන්න මොකටද සබන්..? නාන්න ඕනේ වතුර. එළු, හරක් එක්ක ඉන්න මිනිස්සුයි සබන් ගාලාම නාන්න ඕනේ...