
(සුජිත් හේවාජුලිගේ)
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (10) අවසන්වී ඇතැයි වාර්තාවේ.
මේ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගිවී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන්වීමට නියමිතය.
ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ 2021 වර්ෂයේ මැයි මස 26 වැනිදා දිවුරුම් දුන්නේය.
COMMENTS
සජිත්ට ඕකට සහභාගි වෙන්න බැරි තරමට බිසීද? රනිල් ගහන දහම්ගැට ,කතෝලික සභාවත් ඈඳගෙන නීතිපති තියාගන්න හදනව අගවිනිසුරුවරයා විශ්‍රාම යනකං ඒ පුටුවට පත්කරන්න. කොහොමත් එතකන් ඔයා ඔය පුටුවෙ නැහැ රරනිල් මහත්තයෝ
මහාලොකු ව්‍යවස්ථාව රකින්නා කරන බාලවැඩ, තව ටිකකලයි රනිල් මහත්මයා.