
(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරු ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (01) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ගයාන් සම්පත් බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අධිකරණයට දන්වා සිටියේය.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටි අතර සැකකරුට ඇප ලබාගැනීමට මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රවීන් මධුරංග හා පොලිස් කොස්තාපල් චමුදිත ලියනගේ මහතා පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්