
(සුමිත් පොතුපිටිය)
කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙහිදී පහරකැමට ලක්ව ඇත්තේ කලුතර කටුකුරුන්ද මොහිදීන් ජුම්මා දේවස්ථානයේ මව්ලවි තුමන් බව සදහන් වේ.
සැකකරු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් මව්ලවි තුමා සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව පහරදි ඇති බවත් පැවසේ.
පහරකෑමට ලක්වූ මව්ලවි තුමා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
සැකකරු කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බවත්, ඔහු ප්‍රදේශය හැරගොස් ඇති බවත් පොලිසිය කීය.
COMMENTS
අඩේ වහාම ඌව අල්ලාහ් ගන්න ...දෙවියන්ට වත් කියල බැරිද
දේව මෙහෙයක රටඉදි බෙදාදීමක් සිදු කරන්නේ නැහැ. උපවාස මාසයේ ප්‍රදේශ ජනතාවට නොමිලේ බෙදාදීමට රටඉදි විදේශ ආධාර ලැබෙනවා. එසේ ලැබුණු රටඉදි නිසිලෙස බෙදා නොදෙන අවස්ථාවල මෙවැනි අර්බුද ඇති වෙනවා. මා සිතන්නේ මෙතනත් වෙලා තිබෙන්නේ එවැනි දෙයක්.
අපේ රටේ ඈයෝ කිසිම ජාති භේදයක් නැතිව දැන් පිස්සු කෙළිනවා. මුස්ලිම් අය මේ දවස්වල දවසම නොකා ඉන්නේ. ඒ අයත් එක්ක වැඩකරන, හැසිරෙන අය ඒක ටිකක් මතක තියාගන්න එක හැමෝටම පහසුයි. විශේෂයෙන් පළමු දවස්ටික ඒ අයට ටිකක් අමාරුයි කියලා මම අහලා තියෙනවා.