
(සුමිත් පොතුපිටිය)
පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම සහ මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
කතිකාචාර්යවරයකු විසින් ඉංගිරිය ප්‍රදේශයේ දේවාලයක් ඉදිකර පවත්වාගෙන ගොස් ඇති අතර , එම දේවාලයට රටේ ප්‍රභූ දේශපාලකයන්ද පැමිණ ඇති බව පොලිසිය කීය. එම දේවාලයකින් දේව ප්‍රතිමා හතරක් සොරකම් කර ඇති බවට කතිකාචාර්ය වරයා පසුගිය අගෝස්තු 29 දා ඉංගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කථිකාචාර්යවරයාට මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පැරණි පුරාවස්තු ලැබුණේ කෙසේද? මේවා කෞතුකාගාරයේ තිබිය යුතුයි. මුලින්ම මේ කපුවාගෙන් ප්‍රශ්න කළා