
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහියකින් කපා තුවාල කර දේපොළ පැහැරගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.
ශාන්ති කර්ම සිදුකරන බව කියන කාන්තාවගේ හැට හතර හැවිරිදි සැමියාටද මෙම කොල්ලකරුවන් පහරදීම නිසා ඔහුද තුවාල ලබා ඇති අතර අඹුසැමි යුවළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසු වෙති.
ශාන්ති කර්මයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව කියා පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා අඹු සැමි යුවළ මරා දමන බවට තර්ජනය කර ඔවුන් දෙදෙනාටම පහරදී ශාන්ති කර්ම කරන කාන්තාවගේ ගෙල සහ කට ප්‍රදේශය පිහියකින් කපා තුවාල සිදුකර දෙදෙනාම සාලයේ බිම දිගා කර තිබෙන බව පොලිසිය කියයි.
පසුව මෙම පුද්ගලයන් දෙදෙනා කාන්තාව පැළඳ සිටි රන් කරාඹු ජෝඩුව ගලවාගෙන නිවසේ තිබූ ජංගම දුරකථන හතරක් සහ ටැබ් යන්ත්‍රයක් ඇතුළු දේපොළ කොල්ල කාගෙන පලා ගොස් ඇතැයි කටුගස්තොට පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේවාට අමතරව රුපියල් 73 ,000ක මුදලක්ද පැහැර ගෙන ඇතැයි පොලීසිය කියයි.
පැහැරගත් මුළු දේපොළ වල වටිනාකම රුපියල් 409,000 වන බව ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බව කියති.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
Pradeep Kumara Sunday, 13 October 2024 04:34 PM
දෙයියන්ටවත් පෙනුනේ නැද්ද මේ විපත?
දෙයියොSunday, 13 October 2024 04:53 PM
අපිට කොරන්න දෙයක් නෑ ප්‍රදීප්. අපිත් සීසීටීවි ගහගෙන ඉන්නේ. මනුස්ස ලෝකෙ වගේමයි මෙහෙත් දැං හරියට හොරු.
priyanka Sunday, 13 October 2024 11:41 PM
හයියෝ මයේ දෙයියෝ.