IMG-LOGO

දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි

( ලලිත් නවරත්න)

වෙන්නප්පුව බංඩිරිප්පුව ප්‍රදේශයේ යාබද අසල්වාසී නිවසකට ගමන් කරමින් සිටි දරුවෙකුගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා අද( 17) මරණයට පත්ව ඇතැයි උදාසිරිගම පොලීසිය පවසයි.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව බංඩිරිප්පුව පදිංචිව සිටි ජීවන් සස්මින් නැමති වයස අවුරුදු දෙකක දරුවෙකි. මෙම දරුවා යාබද නිවසේ පදිංචි තවත් දරුවෙකු සමඟ එම නිවසට ගමන් කරමින් සිටියදී පොල් ගෙඩියක් දරුවාගේ හිස මතට වැටී ඇත.

 ඒත් සමඟ තුවා ලැබූ දරුවා සිහිසන්ව වැටී ඇති අතර  වැඩිමහල් දරුවාගේ කෑ ගැසීමත් නිසා  එම ස්ථානයට පැමිණි දෙමව්පියන් දරුවාව වහාම ලුණුවිල රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණි.

ඒ අනුව රෝහල් බළධාරීන් අසාධ්‍ය තත්වයේ පත්වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කර ඇත. අනතුරුව තත්වය බරපතල වීම හේතුවෙන් තවදුරටත් වැඩිපුර ප්‍රතිකාර සඳහා දරුවා කොළඹ මහා රෝහලට ඇතුලත් කළත් එහිදී දරුවා මරණයට පත්ව ඇත.

 

 



අදහස් (0)

දෙහැවිරිදි දරුවාගේ මාරයා පොල් ගෙඩියෙන් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site