(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ මහින්ද ධර්ම මාවතේ කසල ගොඩක තිබී ජීව උණ්ඩ 6 ක් සොයා ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි
නයින් එම් එම් වර්ගයේ ජීව උණ්ඩ එලෙස සොයා ගෙන ඇත
දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ ජංගම සංචාරයේ යෙදී සිටියදී ලද තොරතුරක් මත මෙම ජීව උණ්ඩ සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
කිසියම් පුද්ගලයෙකු මෙම ස්ථානයට ගෙනත් දමන්නට ඇති බව පොලිසිය සැක කරයි.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd