(උපාලි ආනන්ද)
ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගාලු මුවදොර හා අරලිගහ මැදුර අසල නිර්පාක්ෂික විරෝධතා කරුවන්ට ඉකුත් සඳුදා පහරදීමේ සිද්ධියෙන් පසු රට පුරා මැති ඇමැති නිවාස රැසකට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා විය. එම කලහ කාරී සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැවූ පොලිසිය එම ව්‍යපාරිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
තිදෙනකු අනුරාධපුර නගරයේ පදිංචි කරුවන් වන අතර එක් අයකු මිහින්තලේ පදිංචි කරුවෙකි. සැකකරුවන් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
ඔය කියන සුපිරි ව්‍යාපාරිකයාත් පොහොට්ටු කාරයෙක්...
ඉතාම සුබවදියි - කාලෝචිතයි සිද්ධියේ නිධානය ගැන කටයුතු කිරීම ප්‍රමාදයි.
එතකොට අරලිය ගහ ඉඳන් ඇවිත් මේ විනාශය පටන් ගත්ත වුන් ?
අනවශ්‍ය ප්‍රයෝජන ගනිමින්, ඔවුන්ට පිටුපස අස්ථි තිබිය යුතුය.
දුමින්දගේ ගෙට ගිනි තබපු අය අත්අඩංගුවට ගන්නවා වගේම, අවිහිංසාවාදී, නිර්පාක්ෂික අරගලකරුවන්ට ම්ලේච්ඡ පහරදීම සිදුකළ පොහොට්ටුවේ පාදඩයින් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග ලැබිලත් පස්ස ගහන ලංකාවේ පොලිස්පති ඇතුළු පොලිසිය පිළිබඳ අපේ කිසිදු පැහැදීමක් නෑ. තමන් ඔය ලබන වැටුප් සහ වරප්‍රසාද ජනාවගේ බදු මුදලින් බව ඔවුන් දැනගන්න ඕනේ. කටු කකා දේශපාලකයින් පස්සේ තරු ඉල්ල ඉල්ල දුවන ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ පදේට නටන මේ රට විනාශ කරන හොරු රකින පල්ලෙහා ලෙවල් එකේ පොලිස්කාරයින් ගැනත් එච්චර තමයි කියන්න තියෙන්නේ... ඔවුන් එකතුවෙලා ස්වාධීනව නීත්‍යානුකූලව රාජකාරි කරන්න ඒ අයට කොන්ද පණ නෑ. අහිංසකයින්ට තමයි අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ. ප්‍රශ්නයක් නෑ වැරැදි කරපු හැමෝම අත්අඩංගුවට ගන්නවා නම්... ඊළඟට පොලීසියට තමයි මේ අනතුරු ඇඟවීම. කරනවා නම් හරියට කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න. හැබැයි එහෙම අයත් පොලිසියේ ඉන්නවා. ඒ අයට අපේ ආචාරය...
ගාලු මුවදොර අරගලයට ගහපු අය තාම හොයාගන්න බැරි වුණා... අපේ පොලීසියට..!
ඔක්කොමලා අහු වෙනවා, මේ තත්ත්වයට උඩගෙඩි දුන්නඅය ඇරෙන්න. අමුතු ලන්තයක් මේක...