IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට

(රෝෂන් තුෂාර)

මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින්  රුපියල් මිලියන  233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන  පුද්ගලික සමාගමක  අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංඟසිංහ මහතා (17) නියම කළේය.

කඳානේ සමරනායක නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරුන් හතර දෙනෙකුට එරෙහිව  දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2016,2017 හා 2019 වසර සඳහා නොගෙවා පැහැර හැරී  බදු මුදල් ගෙවන ලෙසට පහුගිය මැයි මස 6 වෙනි දින මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යක්ෂකවරුන්ට නියෝග කර තිබූ අතර  එම නියෝගය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රිසාඩ් අමීන් මහතා දීර්ඝ ලෙස කරුණු  දක්වමින් කියා සිටියේ වග උත්තරකරුවන් මේ වන විට සමාගමේ අධ්‍යක්ෂවරුන් නොවන හෙයින් අදාළ දඩය ගෙවීමට නිත්‍යානුකූලව බැඳී නොමැති බවය.

දේශිය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දැක්වීය.

වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් බදු නොකවා පැහැර හැරී කාලයේදී  සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර ඇති බවත්,නඩු පැවරූ පසු අදාළ සමාගමෙන් ඉවත්ව ගොස් ඇති බවත්  නීතිඥ දිනේෂ් පෙරේරා මහතා  කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා (17) දින සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ වග උත්තරකරුවන් බදු ගෙවීමට බැඳී සිටින බවය. එසේ නොගවන්නේ නම්  මාස හයක ලිහිල් වැඩ සහිත  සිරදඬුවමක් නියම කරන බවත් සඳහන් කළේය.

වග උත්තරකරුවන් විසින් ඊයේ පස් වරුව වනෙක්  හිඟ බදු ගෙවීමට කටයුතු නොකළ හෙයින් බන්ධනාගාර අධිකාරිය මගින් වගේ උත්තරකරුවන් තිදෙනා බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.



අදහස් (3)

දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට

Kapila Tuesday, 18 March 2025 03:38 AM

මෙයින් අදහස් කරන්නේ, මාස 6 ක් පමණක් බන්ධනාගාරයේ රැඳී සිටීමෙන් රටේ ජනතාවගෙන් එකතු කරගත් රුපියල් මිලියන 233 ක වැට් බද්ද ඔවුන්ට ගෙවීමට අවශ්‍ය නැති බවද?

:       1       8

GayanTuesday, 18 March 2025 09:17 PM

ඒ වගේ. ඇලෝෂියස් ගෙවිවෙත් නෑනෙ තාම. හිරේ ඉදන් ඇවිත් ඉන්නෙ

:       0       0

maalaka Tuesday, 18 March 2025 09:41 AM

මේ අයගේ දේපල විකුණලා බදු අය කර ගත යුතුයි

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site