IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි

 (මහින්ද නිශ්ශංක )

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.

විශේෂයෙන් වර්ජනයක නිරතවීම පිලිබඳව අප්‍රසාදය පළ කරන බවද අමාත්‍යාංශය පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකටම රජයක් වශයෙන් අමාත්‍යාංශය විසදුම් ලබා දී තිබියදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමක් ද යන්න සැකසහිත බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (12)

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි

Nimal 1 Saturday, 17 May 2025 04:06 PM

රජය පඹයෙකුගේ තත්වයට පත්වෙලා. අසරණ මගීන්ට කාගේ පිහිටක්ද?

:       0       25

Sudha Saturday, 17 May 2025 04:59 PM

ලාල් කාන්ත සහෝදරයාව හොයන්න​. එයා තමයි පහුගිය අවුරුදු ගානක් තිස්සේ තිබුනු හැම රජයටම විරුද්ධව සාධාරණ අසාධාරනකම් බලන්නේ නැතුව වර්ජන කරන්න ජනතාවට කියලා දුන්නේ. අපිට මතකයි 2009 කොටි යුද්ධය ඉවර කරා විතරයි ලාල් කාන්ත සහෝදරයා අපිට කිව්වා රජයට විරුද්ධව දැවැන්ත වැඩ වර්ජනයක් කරනවායි... අර 1989 ජේවීපී එක මාස ගානක්ම රට අඩාල කරා වගේය කරන්නේ කියලා. ගොඩක් දෙනෙක් ඒ ලාල් කාන්ත වර්ජනයට ගියේ නෑ රට අමාරුවෙන් ගොඩ එන වෙලාවේ වැඩවර්ජන කිරීම වැරැදියි කියලා. ඒ වර්ජනය පැය දෙකෙන් අතැරියා. ඒත් ඊට පස්සේ කොච්චර වර්ජන කෙරෙව්වද? තිබුණු හැම රජයකටම විරුද්ධව​. ලාල් කාන්ත වගේම තමයි මහින්ද ජයසින්හ, දැන් ඉන්න කම්කරු නියෝජ්‍ය ඇමැති, රටේ අධ්‍යාපනය කඩන්න මුල්වුනේ. මිනිස්සුන්ව වර්ජන කරන මානසිකත්වයට ගේනකොට හිතන්න තිබුණා අපේ පක්‍ෂයත් කවදා හරි රජයක් පිහිටෙව්වොත් අපිටත් මේ ටික වෙයි කියලා. ඒක තමයි දැන් වුනේ. අපේ අය දැන් දන්නේ වර්ජන කරන්න විතරයි. දැන් ලාල් කාන්ත සහ මහින් ද ජයසින්හ ඇමැතිලාට කියන්න වර්ජන නොකරන්න උගන්වන්න කියලා.

:       0       21

Nilantha Sunday, 18 May 2025 06:53 AM

ඇයි වසන්ත සමරසින්හ ඕවාට කප්ගැසූ කෙනා නේද? එවුන්දැලාට ඔය වර්ජනය අසාධාරණයි කියන්න අබමල් රේණුවක තරම් අයිතියක් නැහැ. වර්ජකයින්ගේ ඉල්ලීම ලැබෙනතුරු වර්ජනය කරනවා නම් හොඳයි...

:       0       4

වත්සි Saturday, 17 May 2025 05:00 PM

සුළුදේටත් වර්ජන කිරීමේ පුරුද්ද ඇති කළේ දැනට ආණ්ඩු කරන උන්දැලාමයි. දැන් ඉතිං වැපිරූ දේ නෙලාගන්නට කාලයයි.

:       0       23

sunil Saturday, 17 May 2025 05:31 PM

ශ්‍රී ලංකා යුද හමුදාව තුළ වෙනම දුම්රිය රියැදුරු ඒකකයක් ස්ථාපිත කර මෙවන් අවස්ථාවක එම රියැදුරන් යොදවා දුම්රිය දාවනය කිරීම සඳහා ඉතා ඉක්මනින් සැලසුම් සකස් කළ යුතුයි.

:       9       16

SudhaSunday, 18 May 2025 02:30 AM

@sunil. පසුගිය කාලයේ තිබූ රජයන් ඔය විදිහට යුද හමුදාව යොදවලා දුම්රිය ධාවනය කරවන විට ඒවා හෙලා දැක්කෙත් ජේවීපී වෘත්තිය සමිතිවලින් කරවපු වැඩවර්ජනවලට සහාය දීපු ඔයගොල්ලන්ම නේද? දැන් කොහොමද ඒ පරණ සිස්ටම් හොඳ වෙන්නේ...? කලින් වර්ජන කරවපු ජේවීපී එක දැන් රජ කරන නිසාද? රජකම් කළත් කලකම් පලදෙනවා කියන්නේ ඕකට තමයි... ​

:       0       3

සිල්වා Saturday, 17 May 2025 06:13 PM

අසාධාරණ වර්ජන වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. රටේ පොදු යහපත පිණිස ඉවසීමෙන් වැඩ කල යුතුයි.

:       9       10

PGPTHILAK Saturday, 17 May 2025 07:18 PM

වැඩ වර්ජන රෝගය ව්‍යාප්ත ලාල්කාන්ත ප්‍රමුඛ ජවිපෙ ප්‍රමුඛ පසුගිය අවුරුදු විස්සක් තිහක් පමණ ඒ ඒ අවස්ථාවේ සිටි විපක්ෂ බලවේගයන් වේ. වැඩි පඩි ඉල්ලා වර්ජන කරන කොට ආණ්ඩු බලය රැකගැනීමට රටේ අනාගතය බිල්ලට දීලා රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට බයේ පඩි වැඩි කළා...! මේ ආණ්ඩුව නිෂ්පාදන ආර්ථිකයක් හදන්න කියලා ඇවිත් ලාබ විදියට බලය තරකර ගන්න තවත් පඩි දීමනා වැඩිකරලා රට තීරණාත්මකව ප්‍රපාතයටම තල්ලු කළා...! පක්ෂ විපක්ෂ සියළු දෙනාම රජයේ සේවකයින් කියලා ලක්ෂ විසි පහක් වැටුපකට ප්‍රමාණවත් ප්‍රයෝජනවත් වැඩ නොකර පඩි කන ව්‍යසනය පරාජය කරනතුරු මේ රටට ගැලවීමක් නැත....

:       2       15

Prasanna Saturday, 17 May 2025 07:23 PM

පාදෙණිය ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ නැහැ. එයා හිටියේ කාත් එක්කද?

:       13       2

layikaSunday, 18 May 2025 09:32 AM

පාදෙනියත් ලංකාවේ විශ්ව විද්‍යාල ගිය කෙනෙක් නම් පටන් ගන්න ඇත්තේ ජේවීපී එකෙන් වෙන්න පුළුවන්. ඒ වගේම පාදෙනිය කියන්නේ ලාල්කාන්ත එක්ක ගත්තාම ලොකු එකෙක් නොවෙයි. ලාල් කාන්තනේ රට පුරා වර්ජන කරවන්න වෘත්තිය සමිති මෙහෙයවන්න කියලා පාර්ලිමෙන්තුවත් අත ඇරලා වර්ජන කෙරෙව්වේ හැම අතින්ම​. මහින්ද ජයසිංහ​, ලක්‍ෂමන් නිපුනආරච්චි එහෙම එයාගේ ගෝල බාලයෝ. ඒ නිසා පාදෙනිය ගැන හොයන ගමන් අද තමන්ගේම රජයට පාරාවලල්ලක් වෙන්න මිනිස්සු මෙහෙයවපු රජයේ ඇමැතිලාටම වඳින්න කියලා ප්‍රවාහන ඇමැතිට කියමු...

:       0       3

Osanda Saturday, 17 May 2025 11:04 PM

කළින් අවුරුදු 50ක් කරනකොට...

:       0       1

Asanga Sunday, 18 May 2025 09:53 AM

මේ අයට දැන් සේරම වැඩ වර්ජන අසාදාරණයි. කලින් මොවුන් 365 දවසේම වැඩ වර්ජන... එතකොට පෙනුනේ නැද්ද... දන්නේ නැත... මේ අසාධාරණකම...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site