(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් විය හැකි බවත් කලින් ආසන වෙන් කල දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන්වලට බාධා ඇතිවිය හැකි බවත් දුම්රිය වෘත්තිය සමති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි (10.30)
(යොහාන් භාසුර)
රියදුරන්ගේ ඉඟියක් හේතුවෙන් අද (17) පෙරවරුවේ සිට දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
වර්තමාන දුම්රිය කාල සටහනට අනුව රියදුරන් 68ක් සේවයේ සිටිය යුතු වුවද රියදුරන් 42 ක් පමණක් අද දිනයේ සේවය කරන බවත් රියදුරන් 27 ක් ලෙඩ නිවාඩු දමා ඇති බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.
COMMENTS
මේ වෘත්තීය සමිති ඉන්නකන්. මේවා හදන්න බෑ. මිනිස්සුන්ගේ කාලය, මුදල්, නාස්ති කරකර, ප්‍රෙකා්ටි ගණනින් පාඩු ලබන මේ ආයතනය වහාම පුද්ගලික කරණය කළ යුතුමයි.
මේ කාලකන්නි බේබදු මිනිස්සු ඉන්නකම් මේ රටේ දුම්රිය හදන්න බැහැ. මොවුන් වැඩකරන කාලයට වැඩි වැඩ නොකරන කාලය... ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට සැපයක්, මහබැංකුව, රේගුව, විදුලි, තැපැල්, දුම්රිය, තෙල්... මේ වායේ ඉන්නේ ඉන්න බහුතරය දූෂිත, කම්මැලි, බේබදු සල්ලාලයෝ.. මොවුන් තමයි රට නැති කරන්නේ. මේවායේ තනිකරම තියෙන්නේ වුර්තිය සමිති මාෆියා එක්ක. අවුරුදු 76 ක් JVP වෘත්තිය සමිති හැදුව රට...
දුම්රිය සේවකයෝ වැඩිය ඉන්නේ නිකන්. කොච්චර ලාභ ප්‍රයෝජන ගන්නවාද? නොමිලේ ගමන් බිමන් family එකටම. ස්ට්‍රයික් කරන ඇත්ත විරුද්ධව මිනිස්සු human රයිට්ස් නඩු දාන්න ඕනෑ. ඔවුන්ගේ අයිතිය වගේම අපේ අයිතියත් රැකෙන්න ඕනෑනේ...!
මේ වර්ජන අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැත... අබියි මේ රජයට මේවායේ රසය තේරෙන්න ඕනෑ මොකද කලින් එකම ආන්ඩුවක්වත් අරියට කරන්න දෙන්නේ නැතිව දවස ගානේ වර්ජන කරපු අයනේ දැන් බලයේ ඉන්නේ...!
ඔය දුම්රිය රියදුරු සේවයට හමුදා නිලධාරීන් පුහුණු කළයුතුයි. ඔවුන් ඉන්දියාව, වැනි රටවල පුහුණුව ලබාදී සේවයට යෙදිය යුතුයි... එතකොට අවශ්‍ය අවස්ථාවලදී සේවයේ යෙදවිය හැකියි. අනුර ජනාධිපති ඔබගේ අවදානය පිණිසයි.