
(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, මාපලාන, ශ්‍රී පලාපද්දල පුදේශයේ පදිංචිව සිටි සරණි නිසාදරී නිළුපුලී රණසිංහ නැමැති 18 හැවිරිදි පාසල් දැරියක් සහ ඇගේ ඥාතියකු වූ කේ චමිලා රංජනී දැරියගේ ඥාතියෙකු වන 37 හැවිරිදි කාන්තාවකි.
රත්නපුරයේ පාසල් පහක සිසු සිසුවියන් පිරිසක් බස් රථයකින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ අසල ගුහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා සහභාගි වී ඇති බව පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ දියණිය ද තරගාවලියට සහභාගී වී සිටින අතර ජීවිතක්ෂයට පත්ව සිටින පාසල් සිසුවිය ඇගේ ඥාති දුවකු බව පොලිසිය කියයි.
ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගි එම දැරියගේ ඥාතියෙකුගේ නිවස පිහිටි අනුරාධපුර නව නගරයේ නිවසකට ගොස් දහවල් ආහාරය ගෙන පැමිණෙමින් සිටියදී , පිරිමි දරුවකු , සහ ගැහැණු දරුවකු , කාන්තාවක දුම්රිය මගේ ඡායාරූපයක් ගෙන් සිට ඇති බව පොලිසිය කියයි.
දුම්රියක් පැමිණෙන බව අසල්වාසීන් පැවැසුව ද ඔවුන් සෙල්ෆියක් ගන්න යෑමේදී මෙසේ දුම්රියේ ගැටී මරුමුවට පත්ව ඇත.
2025 නොවැම්බර් මස 17
63
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
900
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2526
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය