
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී ඇත.
මෙම ආදර්ශමත් සත් ක්‍රියාව සිදුකර ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත කාර්යාලයේ රාජකාරී කරන සැරයන් කපිල මාරසිංහ(91075)මහතාය.
ගාල්ලේ සිට පැමිණි දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගනයට ගාල් කිරීමට ගෙනා අවස්ථාවේ නිරතව සිටි සැරයන් මාර සිංහ මහතා මැදිරියක රාක්කය මත තිබූ බෑගයක් රැගෙන පැමිණ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක නන්දන පෙරේරා මහතාට භාරදී ඇත.
ඉන්දීය ජාතික තරුණිය බෑගය සොයා පැමිණීමෙන් පසු ඇයට භාරදෙනු ලැබිණි.
සැරයන් මාරසිංහ මහතාට හමුවූ එම බෑගය පහසුවෙන්ම සඟවා තබා ගැනීමට හැකියාව තිබේදී එසේ නොකර එය තමාට බාරදීම ගැන ඉන්දීය ජාතික තරුණිය ඔහුට ස්තුතිය පුදකර ඇතැයි කියති.
ලැප් ටොප් පරිගණකය ඇතුළු උපාංග සහිත මෙම බෑගය තමාට යළි හමුවේ යැයි කියා කිසිසේත් සිතුවේ නොමැති බව ද ඇය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග සමඟ පවසනු ලැබුවාය.
මෙම බෑගය ඉන්දීය ජාතික තරුණියට භාරදීමෙන් පසු ඇය ඡායාරූපයකටද පෙනී සිටි අතර මෙම ඡායාරූපයේ සැරයන් මාරසිංහ, උප පරීක්ෂක නන්දන පෙරේරාසහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිරෝෂා මහත්මියද සිටිති.
දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර පේමරත්න සහ සහකාර අධිකාරී යූ . ඒකනායක(මාලිගාවත්ත) යන මහත්වරුන්ටද මේ බව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුවත් උස්සලද ?නැතිනම් අමතක වෙලාද ?
මෙය ඉතා හොඳ ක්‍රියාවක් සැරයන් මාරසිංහ මහත්මාය. ඔබගේ යහපත් ක්‍රියාවට ස්තූතියි. මෙය ශ්‍රී ලාංකික අප සැමට ඉතා හොඳ ආදර්ශයක් සපයා ඇත. ඔබ ඔබේ සේවා ස්ථානයට පමණක් නොව මුළු ලංකාවටම හොඳ නමක් ගෙන දෙනවා.
මේක ඉන්දියාවේම ගමක්ද දන්නේ නෑ... ලංකාවේ සංචාරක කර්මාන්තය කඩාකප්පල් කරන්න.