IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්

(ෂේන් සෙනෙවිරත්න, j.a.l ජයසිංහ සහ මොහොමඩ් ආසික්)

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.

විශේෂ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වන විට සිරි දළදා වන්දනාවට බැතිමතුන් ලක්ෂ තුනකටත් අධික ප්‍රමාණයක් එක්ව සිටින බැවින් මින් ඉදිරියට බැතිමතුන්ට පෝලිම්වලට එකතු වීමට ඉඩ නොදෙනන බවයි. 

දැනට පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට ඒ සඳහා විශේෂිත වූ ස්ටිකරයක් ලබා දෙනබවත් එම ස්ටිකරය නොමැති කිසිදු බැතිමතෙකුට පෝලිම්වල රැඳී සිටීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය දැනුවත් කොට ඇති බවද පැවසීය.

(ඡායාරූප:  j.a.l ජයසිංහ)



අදහස් (9)

දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්

අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 12:02 PM

දළදා වන්දනාවත් විකාරයක් කරගෙන, රණ්ඩු කරන්න පෝලීමෙන් පිට පනින්න මහ නුවරම කසළ ගොඩක් කරන්න ආවේ බැතිමතුන්මද කියලා හිතෙන තරමට...?

:       4       9

Rasika Thursday, 24 April 2025 12:12 PM

මීට කලින් කී පාරක් දළදා පෙන්නුවද? මෙහෙම අනාගැනීමක් කවදාවත් වෙලා නැහැ. අන්‍රයියා ෆේල්. දැන් ඕක සාපයක් වෙනවා. මොකද මේ නිරාගාහිකයෝ දළදා පෙන්නන්නෙ යටි අරමුණක් ඇතිව දේශපාලන වාසි ගන්නනේ. ළඟදීම පෙනෙයි ප්‍රතිඵල...

:       18       12

DonThursday, 24 April 2025 09:16 PM

ඒකට හේතුව ඔයැයිලාගේ අප්පොච්චිලා රටේ මිනිස්සු ගල් යුගයට දක්කපු එක මිස එයාලාගේ ගුණ ධර්ම සංවර්ධනය නොකරපු එක. නැතුව අනුරයියාගේ අවුලක් නොවෙයි

:       1       1

යෝගා Thursday, 24 April 2025 12:15 PM

නිරාගමික ආණ්ඩුව හිතාමතාම දළදා වන්දනාව චොර කරලා මාලිගාව අවට භූමිය කසල ගොඩක් කලා. මීට පෙර තිබුණ දළදා වන්දනා කොච්චර නම් ගෞරවයෙන් පිලිවෙලට සංවිධානය කරලා තිබුණද. මොවුන්ට ඕන බෞද්ධයන් ගෝත්‍රිකයි කියලා ලෝකයට පෙන්වන්න.

:       17       14

JayasekaraThursday, 24 April 2025 03:42 PM

එය වැරැදියි. ගිය පාර වගේ නෙවෙයි, මේ පාර මාධ්‍යෙයන් විශාල ප්‍රචාරයක් දුන්නා. ප්‍රධාන හේතුව එයයි. අනික වෙනදා වගේ නෙවෙයි, දැන් තියෙන්නේ විශාල බෞද්ධ ප්‍රෙබා්ධයක්... අද ගොඩක් දෙනා බෞද්ධ නාලිකාවලින් බණ අහනවා. ඒවායිනුත් මේ ගැන විශාල ප්‍රචාරයන් ලබා දෙනවා. ඒකයි හේතුව... ආණ්ඩුවේ කිසිම වරදක් නැහැ.

:       13       19

DonThursday, 24 April 2025 09:17 PM

අනේ ඉස්සර කොච්චර ලස්සනට රැස්වීම් වලට හෙම ගිහිං කාණු පල්ලේ බුදියා ගත්තාද ඔහෙලා හදපු රටේ මිනිස්සු...

:       0       0

sugath Thursday, 24 April 2025 05:45 PM

මේ ආණ්ඩුව මිනිස්සුන්ට දළදා හාමුදුරුවෝත් එපා කරවනවා. කිසිම දෙයක් හරියට සංවිධානය කරගන්න බැහැ. තේරෙයි.. තව කල් යයි.

:       10       7

ගුණරත්න Thursday, 24 April 2025 11:04 PM

කවුද වන්දනාවේ එන්න කිව්වේ...? ඔය ආපු මිනිස්සු කිසිම බලයක් ඇති මිනිස්සු නෙවෙයි, ඉතාම අහින්සක සාමාන්‍ය ඉගැනීමක් තියෙන අපේ රටේ මිනිස්සු, මාලිමා හිටපු ත්‍රස්තවාදීන් කවදාවත් දෙයක් හදපු අය නොවෙයි, හැමදාම ඔවුන් කළේ වැනසීම. ඉතින් මේ වගේ උත්සවයක්.. සංවිධානය කරන්න ඔවුන්ට තේරෙන්නේ නෑ, අන්තිමේ ඔවුන් වැරැද්ද වහගන්න පහළම ස්ථරයේ අහිංසකයින්ට බැන වදිනවා....!

:       0       0

Jagath Friday, 25 April 2025 11:59 AM

වෙනදා වගේ නොවෙයි දැන්. පුළුල් ප්‍රචාරය, ප්‍රවාහන පහසුකම්, මිනිසුන් ආගම දහමට වැඩි නැඹුරුවක් තිබීම, දන්සැල් දීම ආදිය නිසා ගොඩක් සෙනඟ එනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site