IMG-LOGO

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ඇතැම් විධිවිධාන සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන්, ප්‍රමිති සහ ප්‍රශස්ත පරිචයන් බලාත්මක කිරීම, වත්කම් හා බැරකම් ප්‍රකාශ වලට අදාළ වැරදි සහ අල්ලස්, දූෂණ පිළිබඳ චෝදනා සහ ආශ්‍රිත වැරදි අනාවරණය සහ විමර්ශනය කිරීම පිණිස ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පනවනු ලැබ තිබේ. 

එකී පනතේ විධිවිධාන පරිදි නියම කරනු ලබන නියමිත කාරණා සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට බලය දෙන කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව විමසා නියෝග සාදනු ලැබිය යුතුය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමසමින් එලෙස සාදන ලද නියෝග රජයේ ගැසට්‌ පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීම සඳහා 2025-03-17 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අංක 2428/43 දරන 2025-03-20 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2025 දුෂණ විරෝධී ( වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.



අදහස් (0)

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 605 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site