IMG-LOGO

‘‘දේශපාලන අස්ථාවරත්වය අයි.එම්.එෆ් සාකච්ඡාවලට බාධාවක්‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර  සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත.

පසුගිය අප්‍රේල් මස සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වුවහොත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  ධුරයෙන් ඉවත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රධාන වශයෙන්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමටත් ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් සෙවීමටත් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

තමා පත් කළ වසර හයක ධුර කාලය සම්පූර්ණ වන තුරු මහ බැංකු අධිපති ධුරයේ තමන් කටයුතු කරන බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

එසේම ඉන්දියානු මහ බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා ගැනීමටද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (6)

‘‘දේශපාලන අස්ථාවරත්වය අයි.එම්.එෆ් සාකච්ඡාවලට බාධාවක්‘‘

No Hand OUTs Monday, 11 July 2022 08:53 PM

මාස හයකට එය අත්හිටුවා ඇත... ගොත ගහන්නේ නැතිව ඒකත් කියන්න..! ඔබත් තනතුරෙන් අස්වෙන බවටයි ආරංචිය! ලංකාව තලෙයිබාන් තත්වයට වැටිලා තියෙන්නේ නේද? ඉතින් දෙයිද දන්නේ නැහැ!

:       0       0

saliya Monday, 11 July 2022 08:56 PM

ඔබ තුමා ට වඩා මෙ අරගලකරුවන් සියල්ල පරතෙරටම දැනේ. නිහඩව සිටිනවා හැර වෙන විකල්පයක් නැහැ වගෙයි.

:       0       0

Suren Monday, 11 July 2022 09:19 PM

මෙයා තමයි ඔක්කොම මගුල් කරන්නෙ ඉඳගෙන,කියන දේ තේරෙන්නෙත් නෑ කුටු කුටු ගානව විතරයි ඇහෙන්නෙ

:       0       0

chandima Monday, 11 July 2022 10:12 PM

මේ වෙලාව කට්ටියක් පටි දාන වෙලාව. අනිත් කට්ටිය ජනාධිපති වෙන්න මිනීමරන වෙලාව... නැව ගිලුණත් මේ වෙලාවේ ඒගැන කතාකරන්න විදිහක් නැහැ. සොරි...

:       0       0

මහේල් Tuesday, 12 July 2022 10:49 AM

IMF තියා මොකෙන්වත් උදව්වක් ලැබෙන්නේ නෑ. රස්තියාදු කාරයින් ටිකක් බලෙන් බලේ අල්ලගෙන ඉන්න රටකට... පෙන්දෙක් ජනාධිපති විදියට හිටියා. ඊළඟට මැරයින් සෙට් එකක් එන්නේ. එච්චරයි...!

:       0       0

Sisira Katugampola Tuesday, 12 July 2022 12:05 PM

රනිල් අගමැතිකම හැර ගියොත් හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපති නොවුනොත්. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔබට එක ඩොලරයක්වත් ලැබෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 436 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 93 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 281 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site