IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


දෙවිනුවර පංච පුද්ගල ඝාතනයට හයක් පෝරකයට

(ක්‍රිෂාන් ජිවක ජයුරුක් සහ ජයන්ත ජයවර්ධන)

මීට වසර 22කට පෙර නඩු විභාගයට  සහභාගී විම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ දකුණේ ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන චමිල් නමැත්තා ඇතුළු හය දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා මරණ දඬුවම නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවෝ පස් දෙනෙක් නිදහස් කරනු ලැබූහ.

මරණ දඬුවම නියම කරන ලද්දේ දෙව්නුවර නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් කුඩු චමිල්, සුමිත් කුමාර,සවුන්දා හැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තු මහා විදානගේ නාමල්, අබේරත්න වීරසේකර පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේතරන වීරසේකර පටබැඳිගේ නිශාන්ත යන සය දෙනෙකි.

2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයකදී ඔවුන් දෙවිනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට නීතිපති අධි චෝදනා ගොනු කළේය.

 

 



අදහස් (2)

දෙවිනුවර පංච පුද්ගල ඝාතනයට හයක් පෝරකයට

sam Friday, 01 July 2022 02:23 PM

අපේ අධිකරණය ගැන ආඩම්බරයි. අවුරුදු විසි දෙකක් වගේ සුළු කාලයකින් මේ වගේ නඩුවක් විසඳලා තීන්දුවක් දුන්න එකම කොච්චර ආඩම්බරයක්ද??

:       0       0

මංගල Friday, 01 July 2022 04:46 PM

අවුරුදු 22ක්, විත්ති කාරයින් කී දෙනෙක් නිකම්ම මැරිලාද දන්නේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site