IMG-LOGO

දුවන්න බැරි කෝච්චි පෙට්ටි එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙරට දුම්රිය මාර්ගයන්හි භාවිතයට ගැනීමට නොහැකි  දුම්රිය මැදිරි  එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් සිදුවී ඇතැයි කියන විශාල මුදල් නාස්තියක් සම්බන්ධයෙන්  රජයේ ගිණුම් පිළිබද  පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත.

ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය මැදිරි 160කින්  103ක්ම මෙතෙක් භාවිතයට යොදා ගෙන නැතැයි කෝපා කමිටුව  චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් එම කමිටුව කළ විමසුමකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින් පවසා ඇත්තේ මෙරට දුම්රිය මැදිරිවල පවතින්නේ වැකියුම් බ්‍රේක් (Vacuum Break) ක්‍රමවේදය බවයි.

නමුත්  මෙම අලුත්  දුම්රිය මැදිරිවල  පවතින්නේ  එයා බ්‍රේක් (Air Break) ක්‍රමවේදය බවද   ඔවුහු පෙන්වා දුන්හ.

මේ රටට නොගැළපෙන දුම්රිය මැදිරි ගෙන්වීමට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි  සාමාජික මන්ත්‍රීවරු මෙහිදී විමසා සිටියහ. එම තීරණය ගත් නිලධාරීන් මේ සඳහා වගකිව යුතු බවද  ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

තවද 2017 වර්ෂයේදී ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ දුම්රිය මැදිරි වසර ගණනක් ප්‍රමාදවී ගෙන්වීම පිළිබඳවද  මෙහිදී දීර්ඝ වශයෙන්  සාකච්ඡා විය. 

මේ පිළිබඳ තොරතුරු   අනාවරණය වූයේ පොදු මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ සැලසුම්කර  ඇති වර්තමාන සහ අනාගත සැලසුම් පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  තිස්ස විතාරණ  මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (05) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

මිල ගණන් ඉහළ යෑම  හේතුවෙන්  ලං.ග.ම. බස්රථ සඳහා ටයර් සහ අනෙකුත් උපාංග  මිලදී ගැනීම ගැටලු සහගත තත්වයක පවතින බවද  කෝපා කමිටුවේදී  තොරතුරු අනාවරණය විය .

මේ අතර ඇතැම් පෞද්ගලික බස් රථ සඳහා නිකුත් කෙරෙන ඩීසල් වැඩි මිලට අලෙවි කෙරෙන බව  අමාත්‍යාංශ නිලධාරීන්  චෝදනා කර ඇත.

මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ මෙම තත්වය පාලනය කර  මහජනතාව අපහසුතාවට පත්වීම වළක්වාලිය යුතු බවයි.

තෙල් ලබාගන්නා බස්රථ ධාවනයේ යෙදෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂාකිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය . විශේෂයෙන්ම ජී.පී.එස්. තාක්ෂණය බස්රථ සඳහා යෙදවීම සම්බන්ධයෙන්ද   මෙහිදී සකච්ඡා විය.

එසේම  ලං.ග.ම. බස් ඩිපෝවලට අයිති තෙල් පිරවුම්හල් මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබාදීම පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණ .

මීට අමතරව 2017 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රධාන මත සැලසුම් කළ ශ්‍රී ලංකා දුම්රිය ප්‍රධාන සැලැස්මට ඇ.ඩො. 1,056,555 ක් වැය කළද එම ප්‍රදානය  අමාත්‍යාංශයේ අයවැය තුළ හෝ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් නොවීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස  කෝපා කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවට  නිර්දේශ කළේය.

දුම්රිය ප්‍රවාහන කටයුතු නව තාක්ෂණය සමග මුසු කිරීම පිළිබඳවද  මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභා රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  තිස්ස අත්තනායක,  ලසන්ත අලගියවන්න,  දයාසිරි ජයසේකර, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිරෝෂන්  පෙරේරා,  දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, වෛද්‍ය  උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර සහ ආචාර්ය  හරිනි අමරසූරිය යන මහත්ම  මහත්මීහු සහභාගී වූහ.



අදහස් (5)

දුවන්න බැරි කෝච්චි පෙට්ටි එකසිය තුනක් ඉන්දියාවෙන් ගෙන්වලා

Sunil Thursday, 07 July 2022 02:03 PM

ඉන්ධන නැත්නම් කොහොමත් දුවන්න බැහැනේ...

:       0       0

dhamneth Thursday, 07 July 2022 03:51 PM

ඔය වැරැදි කළ නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. එසේ නැතිව වැරැදි ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කවුද ඔය කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් ක්‍රියාකළේ...?

:       0       0

menna Thursday, 07 July 2022 06:28 PM

ඉන්දියාවට ණයත්වෙලා වැඩේ හරියට වෙලත් නැහැ... ලංකාව බංකොළොත් රටක් නොවී තියේවිද?

:       0       2

Lalith M Friday, 08 July 2022 07:16 AM

ඩොලර්වලින් ජරාව ගන්න ආයතන ලොක්කෝ. පොඩ්ඩෝ රුපියල් අතිකාල සහ දීමනා කන්නෝ. මහජනතාව පීඩාවට පත්වන්නෝ සහ උන් සොරාකන දේ ගෙවන්නෝ. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මේකද? කිසිම රාජ්‍ය ව්‍යවසායක් සහ සහනාධාරයක් රටට අවශ්‍ය නැ. සියල්ල පෞද්ගලික අංශයට දීල රාජ්‍ය සේවය අධ්‍යාපන සෞඛ්‍ය ආරක්ෂක වැනි අත්‍යවශ්‍ය දේට පමණක්ම තබාගත යුතුය.

:       0       0

Senavi Monday, 11 July 2022 12:22 PM

මේ ඔක්කොම හොරු... කමිෂන් වලට තමයි වැඩ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 400 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site