
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයෙ පදිංචි වේලාසිය මහ විදුහලෙ 7 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි 12 හැවිරිදි චමිදු විනෝද් නැමති පාසැල් සිසුවෙකි.
මෙම සිසුවා විහාරස්ථානයෙ කිසියම් කටයුත්තකට එක්වි තරුණයකු පැදවු යතුරු පැදියක නැගි පියා සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මරණයට පත් දරුවාගේ පියා දර කපා ලොරි වලට සපයන්නෙකු බවත් කැපු දර තොගයක් ලොරියට පටවා තවත් දර තොගයක් කපා තිබු ස්ථානයට තරුණයකු පැදවු යතුරු පැදියක නැගි ධාවනය වෙමින් තිබු ලොරියට ඉස්සර කර යාමට උත්සහ කිරීමේදි නොසිතු ලෙස යතුරු පැදිය පෙරළි ගොස් පියා හා යතුරු පැදිය පැදවු තරුණයා මාර්ගයෙන් පසකට විසිවි ගොස් ඇති බවත් දරුවා මාර්ගය අයිනකට විසිවි යාමේන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.
අනතුරීන් මාර්ගයෙන් ඉවත විසිවි ගිය මරණයට පත්වු සිසුවාගෙ පියා හා අනෙක් තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කියයි.
COMMENTS
හරිම පැහැදිලියි. තමන්ගෙ විතරක් නෙවෙයි අනුන්ගෙ ජීවිත අනතුරේදාන පුදුම හදිසි. කුඩා ළමුන් ටැංකියෙ පටවගෙන රේස් යනව, බ්රේක් පාරකදි ළමයට වෙනදේ හිතාගන්නකෝ. සමහර යතුරුපැදිවල පැති කණ්ණාඩි බිඳිල කූර විතරයි, අනතුරක් සමග ගමනක්,පිටුපස ලාම්පු දෙකම වැඩ නැහැ. ඔහොම කරගෙන අනතුරු උනහම රජය ඒවටත් පලි.
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ යලි නොම වේවා