(කාංචන කුමාර ආරියදාස)
මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා අද (16) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ දඹුල්ල යාපාගම කරබයාය ප්‍රදේශයේ පදිංචි කේ.ජී.මදුෂා ලක්මාලි නැමැති දෙදරු මවකි.
වස ශරීරගත වීම හේතුවෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ වයස මාස 11 ක දරුවා දැඩි අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. වස ශරීර ගතවීමෙන් තුන් හැවිරිදි දියණිය සහ මව මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.
ප්‍රේම සම්බන්ධයක් නිසා අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම මව දරු දෙදෙනා සමඟ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයට ගොස් ඇත. දරුවන් දෙදෙනාට වස පොවා මෙම මව ද වස පානය කර ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත ප්‍රදේශවාසීන් විසින් මෙම මව සහ දරුවන් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව ප්‍රදේශයේ සිට දඹුල්ල යාපාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචියට මෙම පිරිස පැමිණි පවුලක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම පියා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කුලී රියදුරෙකු බවද පොලිසිය කියයි.
කාලයක සිට පැවැති ආරවුලක් දුරදිග ගොස් මෙම මව වයස අවුරුදු එක පුතාට සහ වයස අවුරුදු තුනක දියණියට වස පොවා ඇති බව ද සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර මව ප්‍රතිකාර ලබන රෝහලට ගොස් වැඩබලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා සිද්ධිය පිළිබඳව සොයා බලා ඉහත නියෝගය නිකුත් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
සඳුන් Tuesday, 16 February 2021 07:38 AM
වෛද්‍යවරයා, පොලිසිය හා මහේස්ත්‍රාත්තුමා රාජකකාරිය අකුරටම කර ඇත. නමුත් සුද්දාගෙන් ලබාගත් නිදහස අභිමානයෙන් සැමරූ අප මුලාවක වැටීසිටිනා බව මේවාවලින් පෙනීයන හැටි පාට කණ්ණාඩි ගලවා අවබෝධ කරගන්න.