
(සුජිත් හේවාජුලිගේ)
දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ සඳහන්වේ.
රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන බවද එහි දැක්වේ.
පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පැවැති ආහාර අනාරක්ෂිත නිවෙස් (කුටුම්භ) සියයට 17 ක ප්‍රමාණයට සාපේක්ෂව එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේදී එය සියයට 24 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
සමස්ත පවුල්වලින් තුනෙන් එකක් ආහාර පිසීමේ වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය සීමා කර ඇති බවද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් ශ්‍රී ලංකා
ඇයි දැන් රැකියා කිව්වා නේද? ඔක්කොම හරි ගොඩගත්තා කියලා මහින්ද කාපුවා...!
පුළුවන් ශ්‍රී ලංකා- හොරා කෑම...
ඔය තොරතුරු ගන්න දත්ත එකතු කරපු විදිහත් හොයා බලන්න ඕනැ. මොකද සමහර දුප්පත්තු විදිහට පෙනී ඉන්න සමහරු ඇත්තටම දුප්පතු ද? එහෙම නැත්නම් මත්පැනට,දුරාචාරවලට ඇබ්බැහි වෙලාද? හුදෙක් නැතිකමට වඩා ප්‍රමුඛතා ගැන ගැටළුවක් තියෙන්න පුළුවන්.