IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


දරුවන් ලෙඩ කරන ප‍්‍රමිතියෙන් තොර පාසල් උපකරණ

 

‘හොඳම දේ දරුවන්ට’ යැයි සිතා මවුපියෝ බඩට නොකා හෝ දරුවන්ට හොඳම දේ රැගෙන දෙන්නට උත්සාහ ගනිති. එහෙත් ප‍්‍රමිතියෙන් යුත් භාණ්ඩවල මිල ඉතා ඉහළ වන බැවින් ඒවා මිලදී ගැනීමේ හැකියාව බහුතරයක් පාරිභෝගිකයින්ට නැත. මේ හිඩැස පිරිවීම සඳහා ප‍්‍රමිතියක් නැති බාල භාණ්ඩවලින් වෙළෙඳපොළ පිරී යමින් තිබේ. ආහාර, ඖෂධ, පාසල් උපකරණ සහ අනෙකුත් සියලූ දෑ ඒ අතර වේ.

දරුවන් වෙනුවෙන් නිෂ්පාදිත භාණ්ඩවලටද මේ ඉරණම අත් වී තිබේ. එනම් කිසිදු ප‍්‍රමිතියක් නැති සෙල්ලම් බඩු සහ පාසල් උපකරණ වෙළෙඳපොළේ ඕනෑතරම් ය. වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගිය දිනෙක පිටකොටුවේ කරන ලද සමීක්‍ෂණයකින් මේ බව වඩාත් තහවුරු වී තිබේ. නව වසරේ පෙර පාසලට, පාසලට ඇතුළුවන ඔබේ දරුවාට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ මෙම භාණ්ඩ දරුවාට දිගුකාලීන සෞඛ්‍ය ගැටලූ අති කරවන බැවිනි. මේ සටහන ඒ සඳහා මගපෙන්වීමකි.

හුඟක් ක්ලේ වර්ගවල රසායනික

දරුවන්ගේ ඇඟිලිතුඩුවල ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා ක්ලේ ඉතා හොඳ අමුද්‍රව්‍යයකි. ක්ලේ නිෂ්පාදනය කිරීමට යොදාගන්නේ කෙඔලින් :ණැදකසබ* නම් පිඟන් මැටි වර්ගයකි. ක්ලේවල ආකර්ෂණය වැඩි කිරීම සඳහා එයට විවිධ වර්ණ යොදයි. මෙම වර්ණවල බැර ලෝහ අඩංගු ය. ක්ලේ දරුවාගේ නියපොතු අතර සිර වෙයි. දරුවා අත කටේ දැමූ විට ඒවා ශරීරගත වේ. ක්ලේ ඇලෙනවා නම් එය ප‍්‍රමිතියෙන් තොරය.

දරුවාගෙ මොළයේ ක‍්‍රියාකාරිත්වය වැඩි කිරීමට රැුගෙන දෙන ක්ලේ හරහා බැර ලොහ ශරීරගත වුවහොත් සිදුවන්නේ අයහපතකි. එබැවින් ප‍්‍රමිතියෙන් යුත් ක්ලේ වර්ගයක් මිලදී ගැනීමට උනන්දුවන්න.

ලියන පැන්සල කටේ දැම්මොත් කුඩා දරුවෝ ලියන පැන්සල කටේ දමති. සමහර විට එහි තීන්ත නියපොතුවලින් ගලවා දමති. පැන්සලද ප‍්‍රමිතියෙන් යුතු විය යුත්තේ එබැවිනි. විශේෂයෙන්ම පැන්සල්වල ආලේප කළ යුත්තේ ප‍්‍රමිතියෙන් යුතු තීන්ත වර්ගයකි. ලියන කූරද ප‍්‍රමිතියෙන් යුතු මිනිරම් වර්ගයකින් නිමවා තිබිය යුතු වේ.

 EN 71-3 ජාත්‍යන්තර සහතිකය ඇති පැන්සල් මිලදී ගැනීම වඩාත් සුදුසුය. ලෙඩ ගොඩක් දෙන වතුර බෝතලේ ගෙනයාමේ පහසුව, මිල අඩුවීම, විවිධ වර්ණ සහිතවීම ආදී හේතු නිසා අද වඩාත් ප‍්‍රසිද්ධ ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි ය.

එහෙත් මේවා භාවිත නිසා දරුවාට සිදුවන හානිය ඔබ දන්නවා නම් කිසිදිනෙක ප්ලාස්ටික් භාණ්ඩයක් දරුවාට රැගෙන දෙන්නේ නැත.

වෙළෙඳපොළේ ඇති ප්ලාස්ටික් භාණ්ඩවලින් 80% ක්ම නිෂ්පාදනය කර ඇත්තේ පෙට්‍රෝලියම්වලිනි. එමෙන්ම ප්ලාස්ටික් භාණ්ඩවල සුමටබව, නැමෙන සුළුබව කල් පැවැත්ම සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය ඉතා විෂ සහිතය. මෙම විෂ ද්‍රව්‍ය අඩංගු නොවන ප්ලාස්ටික් භාණ්ඩද වෙළෙඳපොළේ තිබේ. ඒවා වෙන් කර හඳුනා ගැනීමට RIC කෝඞ් එක උදව් වේ. ඒ අනුව ප්ලාස්ටික් මේ ආකාරයට වර්ග කර තිබේ.

1' Polly ethylene tremp

2' Highdetity ethylene

3' Polly vilano chloride

4' cloudentity Polly

5' Polypropulene plastic

6' Polystyrene

7' Other Plastic

1 - 2 වර්ග

මෙම වර්ගවල ප්ලාස්ටික් නිෂ්පාදන භාවිත කළ යුත්තේ එක්වරක් පමණි. වතුර, බීම වර්ග බෝතල් සාදන්නේ මෙම ප්ලාස්ටික් වර්ගවලිනි. කල් ගතවන විට, රත්වන විට ඒවායේ අඩංගු අසායනික ද්‍රව්‍ය පිටතට නිදහස් වන අතර එවිට ඒවා ශරීරගත වේ. කාන්තාවන්ගේ ඊස්ට‍්‍රජන් හෝමෝනයට සමාන රසායනික ගුණ මෙහි තිබෙන අතර නැවත නැවත භාවිත කිරීමෙන් පියයුරු පිළිකා, ප‍්‍රජනන පද්ධතියේ සංකූලතා ඇති වේ.

පස්වැනි වර්ගය

නැවත නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් වර්ගයකි. වතුර බෝතල් සහ කෑම පෙට්ටි සඳහා වඩාත්ම සුදුසු මෙම ප්ලාස්ටික් වර්ගය යි.

3 - 6 - 7 වර්ග

මෙම වර්ගවල ප්ලාස්ටික් සිරුරට අහිතකරය. එබැවින් මෙම වර්ගවල භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුය.

පාසලේ තීන්ත අලූතින් අලේප කරනවාද?

ප‍්‍රමිතියකින් තොර තීන්ත වර්ගද ඕනෑ තරම් වෙළෙඳපොළේ අඩු මිලට තිබේ. එහෙත් එම තීන්ත වර්ගවල අඩංගු ඊයම් සහ සමහර රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ මොළයට, වකුගඩුවලට, සහ අක්මාවට අහිතකරය. එබැවින් පාසලේ බිත්තිවලට සහ ඩෙස් පුටුවලට අලූතින් තීන්ත ආලේප කරනවා නම් ීඛී සහතිකය ලත් ප‍්‍රමිතියෙන් යුත තීන්ත වර්ගයක් තෝරා ගැනීමට උනන්දු වන්න. දරුවන්ට මේ ලෙඩ හැදෙන්න පු`ඵවන් දරුවන්ට පීනස, හොටු දියර ගැලීම, එක්සීමා (සමේ දද*, ඇදුම සහ පිළිකා ඇති කරවීමට තරම් මෙම ප්ලාස්ටික්වල ඇති රසායනික ද්‍රව්‍ය සිරුරට අහිතකරය. මෙම සංකූලතා ඇතිවන්නේ දවසෙන් දෙකෙන් නොවේ. සමරවිට වර ගණනාවකට පසුව විය හැකිය. එබැවින් කිසි විටෙකත් ප‍්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වර්ගවලින් සාදන ලද භාණ්ඩ දරුවන්ගේ පමණක් නොව කිසිවෙකුගේ පරිහරණයට ඉඩ නොදෙන්න. විශේෂයෙන් එවැනි භාණ්ඩ මිලදි ගැනීමේදී භාණ්ඩය පතුලේ දක්වා ඇති ලාංඡුනය තිබේදැයි බලන්න.

විකල්ප සොයාගන්න

දරුවාට අලූත් වාරයේ පාසල යනවිට ප්ලාස්ටික් කෑම පෙට්ටිය සහ වතුර බෝතලය වෙනුවට මළ නොබැඳෙන වානේවලින් සාදන ලද නිෂ්පාදන රැුගෙන දෙන්න. රෙදිවලින් ආවරණය කරන ලද වීදුරු බෝතලයක් රැුගෙන දෙන්න. යම් හෙයකින් වීදුරු බෝතලය බිඳුනත් ආවරණය හේතුවෙන් වීදුරු කටුවලින් දරුවාට අනතුරක් වන්නේ නැත.

නිතරම මිලදි ගන්නා භෘණ්ඩයේ ප‍්‍රමිතිය සොයා බලන්න. ප්ලාස්ටික් වර්ගය සහ නිෂ්පාදකයාගේ නම සඳහන් නොමැති භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්න.

ප්ලාස්ටික් භාණ්ඩයේ පතුලේ් ඡුඡු හෝ 5 සඳහන් වේ නම් පමණක් මිලදී ගන්න.

උපදෙස් - බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශය භාර වෛද්‍ය මහින්ද වික‍්‍රමආරච්චි

උදේශිකා නෙලූම්දෙනිය

 



අදහස් (0)

දරුවන් ලෙඩ කරන ප‍්‍රමිතියෙන් තොර පාසල් උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1008 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1042 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site