(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (21)මෙම අනතුර සිදුව තිබේ.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය සාමාන්‍ය රිය අනතුරක් බවයි.
තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඇමතිවරයා කීවේය.
COMMENTS
මේ අනතුර, අනතුරු හැඟවීමක්ද? ඊට පස්සේ ලොකු වාහනයක් හැප්පෙයිද අර ශ්‍රීපතිට වුණා වගේ...
මට සිහිවුණේ ශ්‍රීපති සූරියආරච්චිගේ අනතුරයි.
පට්ට හොරුන්ට මොනවා වුණාම අපට මොකද? රට කාපු, තාමත් කන තක්කඩි...
අනවශ්‍ය ලෙස කාන්තා විද්‍යාල අසල ගැවසීමේ අනිටු විපාක තමයි මේ... කෙසේවෙතත් ඉක්මන් සුව පතමි.
පාඨලීගේ රිය අනතුර වගේ මෙයාවත් ඇතුළට ගනියිද?
අපේ රට අගාධයට අරන් යන අයට දායක වන අයට නම් හොඳක් වෙන්නේ නැහැ.