
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ වෙළඳසැල් කිහිපයකම අද (08) උදෑසන සිට පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැකගැනීමට හැකි විය.
පොළොන්නරුව අරලිය සහල් තොග ලොරිපිටින් උදෑසනම වෙළඳසැල්වලට ලැබෙන අයුරුද දැකගැනීමට හැකිවු අතර එහි පාලන මිල පවා මුද්‍රණයකට තිබීම විශේෂත්වයෙකි.
දඹුල්ල නගරයේ සතොස වෙළෙඳ සැලේ නාඩු සහල් එක් අයෙකුට කිලෝ පහ බැගින් කිලෝ වක් රුපියල් 220 කට අලෙවි කරන බව සතුට කළමනාකාරිත්වය සඳහන් කළේය.
දඹුල්ල නගරයේම ඇතැම් වෙළඳ සැල්වලින් රුපියල් 225 කටත් 230ටත් සහල් අලෙවිවෙද්දී ඇතැම් වෙළඳසැල් හිමියන් විසින් කියා සිටියේ අනෙකුත් මෝල් හිමියන් තොග මිල අඩු කර නැති නිසා නාඩු හාල් කිලෝවක් රුපියල් 250කට අලෙවි කරන බව සඳහන් කිරීමද විශේෂත්වයකි.
දඹුල්ල නගරයේ අද පොල් ගෙඩියක් රුපියල් 140 සිට 170 අතර මිල ගණන් යටතේ මහ මග සහ තැන තැන අලෙවි කරන අයුරුද දැකගැනීමට හැකි විය.
අරලිය සහල් තොග සහ සිල්ලර අලෙවි කරන වෙළඳසැල් හිමියෙකු සඳහන් කළේ වැඩි මිලට ඇනවුම් කළ සහල් කිලෝ විසි දහසක් තමන්ට උදෑසන වන විට වෙළද සැලට ලැබුණු බවයගඑහෙත් උදෑසන අරලියසහල්නියෝජිතයකු දුරකථන ඇමතුම් ලබා දී පාලන මිලට අලෙවී කරන ලෙසත් තොග මිල අඩුකොට ලබාදෙන බව ප්‍රකාශ කළේ යැයි එම වෙළෙන්දෝ පැවසූහ.
සහල් තොග මිලදී ගැනීම සඳහා පැමිණ සිටි කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ රටින් සහල් ගැනීම සිදු නොකළ යුතු බවත් මෝල් වල ඇති සහල් මේ ආකාරයෙන්ම එලියට ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවය.


COMMENTS
නැහැ කියපු හාල් නේද මේ එළියට එන්නේ. පරිස්සමට ඔහොම යමු පුතේ.
යං වයිරෝ දඹුලු, තලගොයිත් බලාගෙනම එමු ...
කොහොමද අපි 69 ලක්ෂය අන්දපු ඇන්දිල්ල? කොලයක් බලාගෙනවත් හරියට කියාගන්න බැරි මම උපාධියක් තියෙනවා කියල කතානායකත් වුණා. ඒ වගේ ඔබලාත් දැන් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පොල් අරන් දඹුලු ගිහින් හාල් අරන් කිරිබත් උයාගෙන කාලා අපේ ලොන්ඩරි ටික හරියට රන් කරපල්ලා. මොකද අවුරුදු 60ක් තිස්සේම කඩාකප්පල් වැඩම කරපු අපිට ප්‍රශ්න විසඳන්න පුරුදු නෑ.
මම ඉතාම වගකීමෙන් කියනවා මාතර මැද්දවත්තේ සුපරි ග්‍රොසරි වෙළඳ සලක පහුගිය කාලේ අරලිය සහල්වල ලේබල් ගලවා දමා වැඩිමිලට විකුණුවා. අරලිය නාඩු මුලින් 235 ටත් පසුව 245 ටත් ඊයේ 270 ත් විකුණුවා. ඔවුන් තව උප්පරවැට්ටියකුත් යොදනවා. ඒ සහල් උරවලින් පිටතගෙන බැරලයක දමා වැඩි මිලක් යටතේ විකුණනවා. දැන් ගිහින් බලන්න කීරි සම්බා මිටිවල මිල ගණන් සහිත ලේබල් ගලවලා තියෙනවා තියෙනවා. පාරිභෝගික අධිකාරියේ මාතර භාරව ඉන්න නිලධාරීන්ට ගියා නම් ඉතා පහසුවෙන් මේ වංචාව අල්ලාගන්න පුළුවන්. මාතර කවුරුත් ඔය කඩේ දන්නවා. හැබැයි මේ දවස්වල ඒ ගොල්ලන්ට හරියට නිදිමත තියෙනවා වෙන්න ඕනෑ.
මහා අතීත කෘෂි ශිෂ්ඨාචාරයක් තිබූ රටක හාල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 230 කට කන්න සිද්ධ වෙච්චි එක කොයිතරම් නම් කරුමයක්ද?
එක්තරා මාෆියා හාල් මෝල් අයිතිකරුවෙක් පිට රටකටත් ආවා.ලංකාවේ නැති හාල් පිටරවල නම් තියෙනවා.
ලංකාවේ අතරමැදි වෙළෙන්දන් හැමවිටම සිදු කලේ හැකි හැම අවස්ථාවකදීම පාරිභෝගිකයා ගසා කෑමයි. ඔය හංගාගෙන තියෙන හාල් රජයට පවරාගෙන මිනිසුන්ට නොමිලේ බෙදා දුන්නා නම්, ඔය වංචාව නතර කළ හැකියි. ඔය වැඩේ එක මෝල් කාරයෙකුට කළා නම්, අනිත් අය නිකම්ම හාල් එළියට දායි.
මේක තේරුම මුන් කාගේ හරි උවමනාවකට සහල් හංඟගෙන ඉදලා .. අනුර සහෝදරයා කරුණාකරලා කෙවිට අතට ගත්තොත් හොඳයි
ජනතාව ගැන කිඹුල් කඳුළු හලලා හැමදාම බලේ ගන්නවා... ඊට පස්සේ පැවති ආණ්ඩුවට බැන බැන දෙනවා කිව්වා.. සහන අමතක කරනවා.
මම කියන්නේ ඉන්දියාවේ වගේ අක්කරකයට නිෂ්පාදිත ලංකාවේ වගේ දෙගුණයක් නිසා අපේ වී පර්යේෂණායතනයට රජය වැඩි බරක් දීලා රජය, කුඩා මධ්‍යම පරිමාණ මොල් හිමයන්ට උදව් කරාම, මේ වී ඒකාධිපතියෝ අවුරුදු 1-2ක් තුල වැටෙනවා. ඒ වගේම ඩඩ්ලි සිරිසෙන වගේ දුෂිතයන්ව හිරේ දාන්න ඕනේ. එතකොට සිරිසේනටයි, ඩඩ්ලිටයි එකට හිරබත් කරන්න පුළුවන්. ඉතා සොච්චම් මුදලකට හාල් කිලෝ එක අරන් අරලිය, රත්න, නිපුන වෙළඳපලට දාන්නේ 200-250ට සමහර වෙලාවට ලාභය රුපියල් 200ක්, කුඹුරු කොටනවා ගොවි මහතුන් ණය වෙලා කරන්නේ, අපේ පුතාගේ යාළුවෙක් ඉන්නවා ජපුරේ කැම්පස් යන ගමන් හවසට ජොබ් එකක් කරනවා, ඒ සල්ලි යවන්නේ තාත්තා කුඹුරු කරන්න ගත්ත ණය බෙරන එක. මේවා කැත වැඩ. ඇමරිකාවේ ගොවියෝ යන්නේ ටෙස්ලා වල, එහේ වුනත් කෘෂිකර්ම නිෂ්පාදන වල ඒකාධිකාරයක් නෑ. ලංකාවේ ගොවියෝන්ට එහෙන් වකුගඩු ලෙඩ, මී උන්, මෙහෙන් ණය, ගෙවල් උගස් කරලා. අරෙහේ මොල් අයිතිකාරයා කැසිනෝ ලයිසන් ඉල්ලනවා අලුත් හෝටලයට. ලංකාවේ නීති පද්ධතිය තියෙන්න ඕනේ සිංගප්පූරුව වගේ. සිංගප්පූරුවේ වගේ නම් ඩඩ්ලි මේ වෙද්දි ජීවිතාන්තය දක්වා හිරගේ.
අඩන්න ඕනනෙ කිරි එරෙන්න...අනේ ඩඩ්ඩි ගොයියො රාජපක්ෂලාගෙන් සහ අයියගෙ ජනාධිපතිකාලේ උපරිම වරදාන ලාභ ප්‍රයෝජන අරගෙන පිම්බිචිච තරම කොච්චරද කිවිවොත් දැන් නිකම් රටේ රාල වගේ.මේ වංචා වැඩ සදාකාලික නැත.
අන්න ඒ බය තියාගන්න...
220/- ට තිබු සහල් 230/- කිරීම පුනරුදය නම් වේ.