IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි චෝදනා කරමින් දඹුල්ල, සීගිරිය, හබරණ,  ත්‍රි රෝද  රථ සංගම්වල සමාජික සාමාජිකාවෝ අද (07)  දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.

විද්‍යුත් ඇප් දෙකක්  උපයෝගී කරගෙන කුලී රථ ධාවනයනය කරන නවගත්තේගම  ප්‍රාදේශීය සභාවට  ජාතික ජනබලවේගයේ  අපේක්ෂකයෙකුට දඹුල්ල නගරයේදී පහරදී මංකොල්ලකෑවේ යැයි චෝදනාව මත ඔවුහු බන්ධනාගාරගත කරතිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නගර මධ්‍යයේ ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට  අභූත චෝදනාවලට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උද්ඝෝෂකයෝ පොලිස්පති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

 



අදහස් (6)

දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති

sachith Tuesday, 07 January 2025 08:59 PM

මේ කියන විදිහට නම් පක්ෂේ පාට වැඩක් නෑ, මේ කැගහන කට්ටියම තමා වැරදි කියලා ඇප් භාවිතා කරලා ගමන යන මිනිස්සු දන්නවා

:       0       14

Lalla Tuesday, 07 January 2025 11:16 PM

ත්‍රී රෝද රථ රියැදුරෝ අපිව මංකොල්ල කනව.කි.මී එකක ගමනටත් රු. 200/=ක් ගන්නව.මීටර් නෑ.මීටර් සීයක් ගියොත් රු.සීයයි මේ ගම්පහ ඉඹුල්ගොඩ ඉස්කෝල හන්දියේ තත්ත්වය...

:       0       14

Mahesh Tuesday, 07 January 2025 11:55 PM

මේ කලාකන්නි හිතෙන හිතෙන ගණන් වලට හයර් දුවනවා. ඇප් එක සාධාරණයි. මුන්ට ඇප් එක හින්දා බඩට වදින හින්දා කැගහන්නෙ.. කොලබට ඇවිත් බලපල්ලා ඇප් එක හින්දා උබලාගේම එවුන් කී දාහක් ගොඩද කියලා.. ලින් මැඩියට ඉතින් හැමදාම කැගන්න විතරයි පුළුවන්. අප්ඩේට් වෙයල්ලා උබලත්... කොලබත් මුල් කාලේ පාර්ක් ලග නවත්වන්න බෑ .ඇප් එකෙන් දුවන එකාට කෙලිනවා ... පස්සේ මුළු පාර්ක් එකම ඇප් එකෙන් දුවන ගත්තා...

:       0       18

Madhuranga Wednesday, 08 January 2025 02:14 AM

ඕකට තමා කියන්නෙ කැලේ ඉන්න නයි ඔඩොක්කුවට දාගන්නවා කියල

:       0       9

sam Wednesday, 08 January 2025 02:53 AM

අනිවාර්යෙන්ම නෑ මලගේ , බින් කුන්ඩෝ මේක අස්සේ ඇති

:       0       10

Suresh Wednesday, 08 January 2025 04:15 PM

ත්‍රීවිල් මහත්වරුන්ට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මහා මාර්ගයේ වෛරසයක් තමයි සරලවම...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site