IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


දමිතාට-සැමියාට ඇප

(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළේය.

අදාල චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය මත දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 4 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.



අදහස් (6)

දමිතාට-සැමියාට ඇප

අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 02:01 PM

සජබ කවුරුවත් ආවේ නැද්ද දන්නේ නැහැ... ලක් අම්මාට මල් මාලයක් දාලා පිළිගන්න...

:       3       46

Senarath Wednesday, 24 April 2024 02:44 PM

මේ වගේ අමනයන්ගෙන් තමයි ජනතාව ප්‍රෙව්සම් වෙන්න ඕනේ. මොවුන් රටේ සිස්ටම් හදන්න... රට හදන්න කතාකරනවා. ඒ වුණාට කරන්නේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන එක..

:       2       34

මහසෙන් Wednesday, 24 April 2024 02:52 PM

සතුටුයි හුගක් ලක් අම්මා දැන් එලියේ ආයේත් අරගලේ එන ලකුණු පෙනේ.. සජී බබා ගැන නිතරම මුවේ තියේ.. සැරදේ දමිතා සජබෙත් ඔබ සමග ප්‍රියේ.

:       3       17

ගමේ එකාලා Wednesday, 24 April 2024 03:20 PM

දේසපාලුවන්ට කඩේ යන නලු නිළියෝ ගැන නම් ආයේ කියලා වැඩක් නැහැ. ඇස් පියාගත්තම රෑට හීනෙනුත් පේන්නේ ඒ අයලූ?

:       2       16

SUNIL MILANO Wednesday, 24 April 2024 04:13 PM

මම මීට පෙර වතාවක් ලිව්වා. මෙයාට ලක් අම්මා කියලා කියන්න එපා කියලා... ඒක තමන්ගේ මෑණියන්ට කරන අගෞරවයක් නිසා. පොඩ්ඩක් සිතා බලන්න.

:       1       21

අනුර ඩබ්ලිවූ. සෙනෙවිරත්න Wednesday, 24 April 2024 08:46 PM

අයියෝ , මේ වචනයක් පස්සේ එලවන්නේ මොකද, ලක් අම්මා කියන්න රටේ අයිතිකාරයා වෙන්නම ඕනද, මිනිසුන්ට ඕනෑම වචනයක් කතා කිරීමේ අයිතියක් තියෙනවා, වෙන රටකත් අයෙකුට කියන්න පුලුව ලක් අම්මා එයාගේ රට කියලා. ඔබලා වගේ ගොන් පණ්ඩිතය නිසා තම රටට තවත් කෙලවෙන්නේ. වචනම අල්ලාගෙන ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 139 1

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාක වලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 91 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 299 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි
2024 මැයි මස 06 337 0

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්
2024 මැයි මස 06 700 1

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිර


රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා
2024 මැයි මස 06 1422 0

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 503 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1960 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1718 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site