(ඩයනා උදයංගනී සහ සිරංගිකා ලොකුකරවිට)
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් උදෑසන දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.
දුම්රිය ස්ථාන වෙත මේ වන මගීන් විශාල පිරිසක් පැමිණ සිටින බවද වාර්තා වේ.
මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි මගීන්ගේ දැඩි ඉල්ලීම හමුවේ මීට මොහොතකට පෙර දුම්රියක් ගමන් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. දුම්රියෙන් කොළඹ යාමට විශාල පිරිසක් පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාව කෑ කෝ ගසමින් එම ස්ථානයේ විරෝධය දක්වති.
ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය වූ නමුත් කොළඹ දෙසට දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ගාල්ල දුම්රිය ස්ථානයේදී දැඩි උණුසුම තත්ත්වය උද්ගතවී තිබේ.
කොළඹට දුම්රිය ධාවනය අත්හිටුවන ලෙස ඉහළින් උපදෙස් ලැබී ඇති බව දුම්රිය ස්ථානධිපතිවරු පවසති.
නමුත් උපදෙස් දුන් අය කවුරුන්දැයි පවසන්නේ නැති බව රැස්ව සිටියෝ කියති.
කෙසේ වුවද රැස්ව සිටි පිරිසගේ ඉල්ලීම මත විශේෂ දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට කටයුතු යොදන බව මේ වනවිට ස්ථානාධිපතිවරු පැවැසූහ.
මහනුවර (ඩයනා උදයංගනී)
(ගාල්ල දුම්රිය ස්ථානය - සිරංගිකා ලොකුකරවිට)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුම්රිය නැතිව තැන තැන උණුසුම්