IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දඩ කොළයක් දුන්නැයි පී.සීට පොරෝ පහර

(සනත් ගමගේ)

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි  පොලිස් කොස්තාපල් වරයකුට  අද දහවල්  කුඩා අත් පොරවකින් පහරදීමෙන් තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.

පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් බාරයට ගෙන රෝහල් ගත කර ඇත. ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

බීමත්කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයට උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය කියයි. තවත් නිළධාරියක්ද මෙම ස්ථානයේ රාජකාරියේ නියැලී සිට ඇත. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

දඩ කොළයක් දුන්නැයි පී.සීට පොරෝ පහර

චන්දන Saturday, 05 February 2022 08:30 PM

දැන් හරි. මිනිහාට නඩු දෙකයි. පොරෝ නඩුවට නම් කූරු ගනින්න පුළුවන් කාලෙකට... මෙහෙමත් මී හරක්...!

:       0       1

කොස්තාපල් පුන්‍යසේන Saturday, 05 February 2022 10:35 PM

පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. ඔවුන් ඇත්තටම ගොරකා, දඩමස් කරන ආකාරය මේ සතියේ දැක්කා..

:       0       1

ප්‍රේමසිරි Sunday, 06 February 2022 04:07 AM

මම දන්න වැන්දඹු කාන්තාවක් තමන්ගේ ගෙදරට එන මාර්ගය පටුවන සේ කම්බි වැටක් ඉදිකිරීමට විරුද්ධව පැමිණිලි කළා.. පරීක්ෂණ සඳහා ගිය කොස්තාපල්වරයා වැරැදිකරුගේ (ඔහු කසිප්පු ජාවාරම් කාරයෙක්) නිවසේදී හොඳින්ම සප්පායම් වී පැමිණිලි කාරියටත් එම මාර්ගය පාවිච්චි කරන අයටත් බැණ වැදී වැරැදි තොරතුරු වාර්තාව ඉදිරිපත් කරඇති අතර කෙසේවත් එම වැට ඉවත් නොකරනසේ අවශ්‍ය උපදෙස් දී ඇත. ඉතාමත් සුළු පිරිසක් කරන මෙම වැඩවලින් සමස්ථ පොලීසියටම අපහාසයක් වනනිසා පොලිසියේ විනය රැකීමටත් ගොරකා දඩමස් කිරීමේ අවස්ථා අඩුකිරීමටත් ක්‍රියාකළ යුතුයි...

:       0       0

fairoos Sunday, 06 February 2022 01:35 PM

ජරාව කන අයට මෙහෙම වෙලා මදි...!

:       1       0

NuwanSunday, 06 February 2022 03:01 PM

ජරාව කනඑකා දඩකොළ දෙන්නේ නෑ. දඩ කොළේ ලිව්වාම උසාවි. ඉතින් ජරාව ගන්නේ නැතුව කොළ ලියන කෙනාට මෙහෙම වෙනවා. දානේ උයන කෙනාගේ ඉඳලා හාල් මෝල් කාරයා දක්වා හොරකම් කරන රටේ මෙයාට පොරෝ පහර ලැබීම ස්වාභාවිකයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site