
අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට අද රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය පවසයි.
නායයාම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් නිළධාරීන් පස් දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණි පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ ගිනි නිවීමේ රථයක් සහ ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්ථා වේ. මෙයට අමතරව නායයන අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පතවුවත් එහි ගමන් ගත් පිරිසට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 102- සැතපුම් කණු අසල කොටසේ පස්වරු 7.55 ට පමණ මෙම පස්කන්ද කඩා වැටී ඇති බව පොලිසිය කියයි. පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර, කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පින්නදූව හුවමාරුවෙන් , පිටතට ගොස් යළිත් ඉමදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත්, මාතර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන ඉමදූව හුමවාරුවෙන්ම පිටතට ගොස් යළිත් පින්නදූව පිවිසුමෙන් යළිත් ඇතුලුවිය හැකි බව අධිවේගී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය. මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් මාර්ගයට පස් කදු කඩා වැටීමෙන් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිසිය පවසයි. එම මාර්ග භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.
(ඉන්දිකා රාමනායක, නිමල කොඩිතුවකු, කඹුරුගමුව තරංග ගුණරත්න, ක්‍රීෂාන් ජීවක ජයරුක්, සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

----------------------
බිමල් ශ්‍යාමන් ජයසිංහ ,ඉන්දිකා රාමනායක සහ නිමල කොඩිතුවක්කු)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කිලෝ මිටර් 102 ප්‍රදේශයෙන් නායයාම හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා පැවසීය.
කොට්ටාව දෙස සිට හම්බන්තොට දක්වා යාමට අවශ්‍ය පුද්ගලයන් පින්නදුව පිවිසුමෙන් පිටතට ගොස් ඉමදූව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට පිවිසිය හැකි බවත් හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන වාහන රියදුරන් ඉමදූව පිවිසුමෙන් පිටතට ගොස් යළි පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
බදුල්ල කොළඹ මාර්ගයේ ඕපනායක ප්‍රදේශයෙන් ගලක් පෙරැළීමෙන් එම මාර්ගයේ ධාවනය කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දක්ෂිණ අධිවේගයේ නාය යෑමේ STF සිව් දෙනකුට තුවාල
Anura u a e Thursday, 12 October 2023 10:36 AM
පින්නදූව හන්දියෙන් හැරිලා නැවත මාර්ගයට පැමිණ නිවෙස්වලට යා හැකි බව මාර්ග අධිකාරිය පවසයි.