(මනෝප්‍රිය ගුණසේකර)
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.
මෙය ඉතාම බරපතල සිද්ධියක් වන හෙයින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇතැයී දැනුම් දුන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින්නේ යැයි කීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණී.
රුවන් ශාන්ත ප්‍රියදර්ශන නමැත්තා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, නීතිපතිවරයා, ඇතුළු 11 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.
තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන් විසින් 2023 ජනවාරි 27 වැනිදා තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අන්දමින් රඳවා තබා ගෙන තමන්ට වදහිංසා කළ බව සඳහන් කරන පෙත්සම්කරු මේ පිළිබඳව තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් ස`ඳහන් කර ඇත.
COMMENTS
අපේ සමාජය හදන්න නම් ඉස්සරවෙලාම පොලිසිය හදන්න ඕන .පොලිසිවලට හදිසි කඩාපැනීමේ එකක යොදවන්න කියල නව ලෝකං තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා . ඇතැම් පොලිසිවල ස්ථානාධිපතිවරු රෑට රාජකාරි කරන්නේ බීමතින් . සමහර නිලධාරීන් කුඩු බිස්නස් කරනවා . අසරණ මිනිහෙක් පොලිසියට ආවොත් කතාකරන්නේ සත්තුන්ට වගේ . පොලිසිය මිනිහෙක් පැමිණිල්ලක් දමන්න උනත් යන්නේ ආපසු එන්න වෙයිද කියා බයෙන් . හොඳ නිලධාරීන් ඉතාම අතලොස්සක් ඉන්නවා . නමුත් බහුතරය හැසිරෙන්නේ ලයිසන් චන්ඩි ලෙසයි.
මේ කාලකණ්ණි හැම කෙනාටම දඬුවම් අවශ්‍යයි.. නයි, මිරිස් දියාරු අයගෙත් රහස් ඇඟට වක්කරන නීතිරීති ගේන්න ඕනේ. මීට පෙර මෙවැනිම වරදක් කර ඔප්පුවුණා.. දේශබන්දුලා තවමත් නිදැල්ලේ...
කිසියම් කරුණක් සම්බන්ධව සැකකාරයෙක් ගෙනල්ලා ප්‍රශ්න කරනවා ඔහුගෙන් ලැබෙන ප්‍රකාශ අනුව ඔහු එම සිද්ධියට සම්බන්ධ නැතිනම් පොලිසිය කළ යුත්තේ එම තනතුරින් නිදහස් කිරිම කළ යුතුයි.... නැතුව අමානුෂික විදියට වද දීලා නැති වැරැද්දක් එම පුද්ගලයා මත වැරැද්ද පටවන එක නෙමෙයි...